නව පොලිස්පතිවරයා නාවික හමුදා මූලස්ථානයට (වීඩියෝ)

ශ්‍රී ලංකා පොලීසියේ 37 වැනි පොලිස්පතිවරයා ලෙස පත්වූ නීතිඥ ප්‍රියන්ත වීරසූරිය අද (09) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු වුණා.

නාවික හමුදා මූලස්ථානයේ දී මෙම හමුව සිදුවූ බවයි නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ.

නාවික හමුදා මූලස්ථානය වෙත නව පොලිස්පතිවරයා, බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජගත් කුමාර විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසු සම්ප්‍රදායානුකූලව නාවික හමුදා සම්මාන ආචාර මුරයක් මඟින් උත්තමාචාර පිරිනැමීමට කටයුතු කෙරුණා.

අනතුරුව, නාවික හමුදාධිපති විසින් නාවික හමුදා කළමනාකරණ මණ්ඩලය පොලිස්පති වෙත හඳුන්වාදීම සිදු කෙරුණා.

පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය ශ්‍රී ලංකා පොලීසියේ 37 වැනි පොලිස්පති ලෙස 2025 අගෝස්තු මස 14 වැනි දින පත්වීමෙන් පසුව, නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරතවූ ප්‍රථම අවස්ථාව මෙයයි.

මෙම නිල හමුවේදී නාවික හමුදාධිපති සහ පොලිස්පති අතර ද්වීපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ පැවති සුහද පිළිසඳරකින් අනතුරුව, නව ධූරයේ ඉදිරි කටයුතු සඳහා නාවික හමුදාධිපති විසින් සුභපැතුම් පිරිනැමීමට කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අධිකරණයට
00:46
Video thumbnail
රත්නපුර දැවැන්ත ගින්නේ නවතම තත්ත්වය මෙන්න..ගන්න දෙයක් නෑ ඔක්කොම අළුවෙලා
02:09
Video thumbnail
කෙහෙළියගේ පවුලේ නඩුව අද කැඳවයි - රමිත් රඹුක්වැල්ල අධිකරණයට
00:48
Video thumbnail
මහින්ද අමරවීරගෙන් CIDයට පැමිණිල්ලක්
02:06
Video thumbnail
බුදු පිළිම සිද්ධිය ගැන ගම්මන්පිලගෙන් ප්‍රබල ප්‍රකාශයක්..මේ ආණ්ඩුව කිසි කෙලෙහිගුණයක් නැති ආණ්ඩුවක්
08:58
Video thumbnail
අපි මැතිවරණයට සූදානම් වෙනවා - ආණ්ඩුවට බාධා කරන්නේ නෑ
05:01
Video thumbnail
ලංවිම නිලධාරිනියකගේ පළිගැනීම් නිසා අසරණ වුණු භික්ෂුන් වහන්සේලා
05:55
Video thumbnail
සජිත් සංවේදීව ජුලී චන්ග්ට සමුදුන් හැටි..ධුර කාලය අවසන් කළ USA තානාපතිනි විපක්ෂ නායක හමුවෙයි
01:55
Video thumbnail
යෝජිත මොඩියුල නැවත ලබාදෙන්න කියා දෙමව්පියෝ ඉසුරුපාය දෙවනත් කරයි..සෙල්ලම් කරන්නේ දරුවෝ එක්ක
14:47
Video thumbnail
වැදූ මව එලොව යැවූ පුතා - අහංගම කම්පා කළ පුවත
03:43


?