නව නිරීක්ෂණ ගුවන් යානාවක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්වෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් ශක්තිය ඉහල නැංවිමේ අරමුණින් සිදු කරගෙන යනු ලබන වැඩ පිළිවෙළෙහි තවත් සුවිශේෂි අවස්ථාවක් ලෙස ඔස්ට්‍රේලියානු රාජකීය ගුවන් හමුදාව විසින් භාවිතා කරන ලද බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 350 (Beechcraft King Air 350) වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානයක් අද (24) දින ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් යානා සංචිතයට එක් වුණා.

ගුවන් හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේ; එය ඉදිරියේ දි ගුවන් හමුදා අංක 03 සමුද්‍රීය බලඝණයට (No. 03 Maritime Squadron) අනුයුක්තව රාජකාරි ඇරඹීමට නියමිතව ඇති බවයි.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියා රජය සමග තිබෙන සමීප සහයෝගීතාවේ සහ හවුල්කාරීත්වයේ ශක්තිමත්භාව විදහා දක්වමින්, ශ්‍රී ලංකාවට අයත් මුහුදු කලාපයේ සමුද්‍රීය ආවේක්ෂණ හැකියාව වර්ධනය කිරීමට, මෙම Beechcraft King Air 350 වර්ගයේ සමුද්‍රීය ආවේක්ෂණ කටයුතු සඳහා යොදාගනු ලබන නිරීක්ෂණ ගුවන් යානය ඔස්ට්‍රේලියානු රජයේ ප්‍රදානයක් ලෙස හිමිව තිබෙනවා.

එමගින් කලාපය තුළ සිදු කරනු ලබන සොයාගැනීම් සහ මුදා ගැනීම්, අන්තර්ජාතික මට්ටමෙන් සිදු කරනු ලබන අපරාධ සහ මිනිස් ජාවාරම් තුරන් කිරීමට ආරක්ෂිතව හා සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට අවස්ථාව සැලසෙනු ඇති බවයි ගුවන් හමුදාව සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකාවේ ගුවන් සීමාව (Flight Information Region – FIR) හා සුවිශේෂී ආර්ථික කලාපය (Exclusive Economic Zone – EEZ) තුළ මෙම බීච් කින්ග් එයාර් 350 ගුවන් යානය ඵලදායී ලෙස යොදාගනිමින් සමුද්‍රීය වශයෙන් දැනුවත් කිරීමේ (Maritime Domain Awareness – MDA) විෂයට අදාළ රාජකාරීන් තවදුරටත් පුළුල් කිරීම මෙමගින් සිදු කරනු ලබනවා.

ඉන්දියානු සාගර කලාපය ආශ්‍රිතව සිදු වෙමින් පවතින සමුද්‍රීය මිනිස් ජාවාරම අද වන විට ජාත්‍යන්තර මට්ටමේ ප්‍රශ්නයක් වි ඇති අතර ඒ සදහා කලාපීය රටවල්වල සහයෝගීතාව, අන්තර්ජාතික මට්ටමෙන් සිදු කරනු ලබන මිනිස් ජාවාරම් මුලිනුපුටා දැමීමේ ක්‍රියාමාර්ග සාක්ෂාත් කර ගැනීමට මෙය වඩාත් සුවිශේෂී කාර්‍යයභාරයක් සිදු කරනු ඇති බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්වාසය වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?