නව නිරීක්ෂණ ගුවන් යානාවක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්වෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් ශක්තිය ඉහල නැංවිමේ අරමුණින් සිදු කරගෙන යනු ලබන වැඩ පිළිවෙළෙහි තවත් සුවිශේෂි අවස්ථාවක් ලෙස ඔස්ට්‍රේලියානු රාජකීය ගුවන් හමුදාව විසින් භාවිතා කරන ලද බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 350 (Beechcraft King Air 350) වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානයක් අද (24) දින ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් යානා සංචිතයට එක් වුණා.

ගුවන් හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේ; එය ඉදිරියේ දි ගුවන් හමුදා අංක 03 සමුද්‍රීය බලඝණයට (No. 03 Maritime Squadron) අනුයුක්තව රාජකාරි ඇරඹීමට නියමිතව ඇති බවයි.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියා රජය සමග තිබෙන සමීප සහයෝගීතාවේ සහ හවුල්කාරීත්වයේ ශක්තිමත්භාව විදහා දක්වමින්, ශ්‍රී ලංකාවට අයත් මුහුදු කලාපයේ සමුද්‍රීය ආවේක්ෂණ හැකියාව වර්ධනය කිරීමට, මෙම Beechcraft King Air 350 වර්ගයේ සමුද්‍රීය ආවේක්ෂණ කටයුතු සඳහා යොදාගනු ලබන නිරීක්ෂණ ගුවන් යානය ඔස්ට්‍රේලියානු රජයේ ප්‍රදානයක් ලෙස හිමිව තිබෙනවා.

එමගින් කලාපය තුළ සිදු කරනු ලබන සොයාගැනීම් සහ මුදා ගැනීම්, අන්තර්ජාතික මට්ටමෙන් සිදු කරනු ලබන අපරාධ සහ මිනිස් ජාවාරම් තුරන් කිරීමට ආරක්ෂිතව හා සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට අවස්ථාව සැලසෙනු ඇති බවයි ගුවන් හමුදාව සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකාවේ ගුවන් සීමාව (Flight Information Region – FIR) හා සුවිශේෂී ආර්ථික කලාපය (Exclusive Economic Zone – EEZ) තුළ මෙම බීච් කින්ග් එයාර් 350 ගුවන් යානය ඵලදායී ලෙස යොදාගනිමින් සමුද්‍රීය වශයෙන් දැනුවත් කිරීමේ (Maritime Domain Awareness – MDA) විෂයට අදාළ රාජකාරීන් තවදුරටත් පුළුල් කිරීම මෙමගින් සිදු කරනු ලබනවා.

ඉන්දියානු සාගර කලාපය ආශ්‍රිතව සිදු වෙමින් පවතින සමුද්‍රීය මිනිස් ජාවාරම අද වන විට ජාත්‍යන්තර මට්ටමේ ප්‍රශ්නයක් වි ඇති අතර ඒ සදහා කලාපීය රටවල්වල සහයෝගීතාව, අන්තර්ජාතික මට්ටමෙන් සිදු කරනු ලබන මිනිස් ජාවාරම් මුලිනුපුටා දැමීමේ ක්‍රියාමාර්ග සාක්ෂාත් කර ගැනීමට මෙය වඩාත් සුවිශේෂී කාර්‍යයභාරයක් සිදු කරනු ඇති බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්වාසය වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15