නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත ගැසට් කෙරේ

නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා.

දූෂණ විරෝධී පනත් කෙටුම්පත සකස් කර ඇත්තේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න ඇතුළු විද්වත් කමිටුවක් විසින්.

මෙම කෙටුම්පත හරහා අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවේ කාර්යභාරය ශක්තිමත් කර ඇති අතර, ඒ අනුව එම කොමිෂන් සභාවට වැඩි බලතල පවරා තිබෙනවා.

රටේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා ද වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බව නව කෙටුම්පතෙහි සඳහන්.

එමෙන්ම, පැමිණිල්ලක් නොමැතිව වුවද, විමර්ශනයක් සිදුකිරීමට මෙම කෙටුම්පත හරහා අදාළ කොමිෂන් සභාවට බලය පැවරෙනවා.

ඒ අනුව, යම් තොරතුරක්, පැමිණිල්ලක් ලැබීමෙන්, පසුව හෝ කොමිෂන් සභාවේම අවශ්‍යතාවය මත හෝ කොමිෂන් සභාව වෙත ලැබෙන වෙනත් යම් වැදගත් දෙයක් මත යන කරුණු යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට සිය විමර්ශන ආරම්භ කළ හැකියි.

දූෂණයට එරෙහිව සහ වෙනත් ජාත්‍යන්තර වශයෙන් පිලිගත් සම්මතයන් සහ ප්‍රමිතීන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ විධිවිධාන බලාත්මක කිරීම සහ වත්කම් සහ බැරකම් ප්‍රකාශවලට අදාළ අල්ලස් සහ දූෂණ වැරදි පිලිබඳ විමර්ශනය කිරීම මෙන්ම, ඒ ආශ්‍රිතව නඩු පැවරීමට විධාන කිරීම සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීම මෙම පනත් කෙටුම්පත මගින් අපේක්ෂිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21