නව ණය ක්‍රියාවලියක් අවශ්‍ය බව IMF ප්‍රධානී කියයි

ශ්‍රී ලංකා වැනි රටවලට නව ණය ක්‍රියාවලියක් අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානි ක්‍රිස්ටිනා ජෝර්ජිවා පවසනවා.

ඉන්දියාවේ පැවති ජී 20 සමුළුවෙන් අනතුරුව අදහස් දක්වමිනුයි ඇය මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

පවතින රාමුවෙන් ආවරණය නොවන ශ්‍රී ලංකාව සහ සූරිනාම් වැනි රාජ්‍යයන්වලට නව ණය නිරාකරණ ක්‍රියාවලියක් හඳුන්වාදිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය පෙන්වා දෙනවා.

ණය ගැටලු සම්බන්ධයෙන් සංවාද සහ සහයෝගීතාව වැඩි දියුණු කර ගැනීම කළ යුතු බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

කොවිඩ් තත්ත්වය නිසා බොහෝ රටවල ආර්ථිකයන් අස්ථාවරත්වයට පත්වු බවත් ඒ ඒ රටවල ණය ගෙවීම් පිළිබඳ ගැටලු පැන නැගී ඇති බවත් අධ්‍යක්ෂවරිය මෙහිදී සඳහන් කළා.

යුක්රේන රුසියා යුද්ධය හේතුවෙන් ද ලෝක ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වී තිබෙනවා.

චීනය තවමත් ශ්‍රී ලංකාවට IMF ආධාර ලබා ගැනීම සම්බන්ධයෙන් වන නිළ සහතිකය ලබා දී නැහැ.

සීමිත ප්‍රතිපත්ති අවකාශයන් තිබෙන විශාල සංවර්ධන අවශ්‍යතා තිබෙන අඩුආදායම්ලාභී රටවල් ඉදිරියේ දී විශේෂයෙන් අවධාමනට ලක්විය හැකි බව ද ජෝර්ජිවා මෙහිදී අවධාරණය කළා.

පවතින තත්ත්වය හේතුවෙන් බොහෝ රටවලට ඉදිරියේ දී ඉහළ යන ණය අවධානම නිසා ණය නිරාකරණයට හා ණය ගෙවීමේ කාර්යක්ෂමතාව වැඩි කිරිමට ඒ ඒ රටවල් වල ආරම්භ කළ සැලසුම් තමන් අගය කරන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටිනා ජෝර්ජිවා ප්‍රකාශ කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිලගේ ප්‍රකාශයට සුසිල්ගෙන් සැර උත්තරයක්..ගම්මන්පිලලා කළබල වුණාට කරන්න දෙයක් නෑ
04:31
Video thumbnail
රුසියාවෙන් තෙල් එන්නේ නෑ - බොළඳ කතාවලට අහුවෙන්න එපා
15:07
Video thumbnail
ගල් අඟුරු වංචාවක් වෙලා නෑ..කළින්ටත් වඩා විධිමත්වෙලා..මුදල් අපි කවුරුත් සාක්කුවේ දාගන්නේ නෑ
05:12
Video thumbnail
තාත්තා නිවාඩුදාලා අවුරුද්දක් හිටියා..ගණිත අංශයෙන් දිවයිනෙන්ම තෙවන ස්ථානය ලබාගත් සිසුවා කියූ කතාව..
03:29
Video thumbnail
පොහොය දවසේ මිහින්තලේ හිමි ආණ්ඩුවට රිදෙන්නම දෙයි
12:18
Video thumbnail
ස්වාමින්වහන්සේලාව පාරට දැමීම නිසා ගම්මු කුපිත වෙයි..අද තුණුරුවන් මහපාරේ..මේකද වෙනස..
18:54
Video thumbnail
රාජිත ආණ්ඩුවට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
12:51
Video thumbnail
මේ කෝටි 10000ක හොරකමට ආණ්ඩුව වගකියන්න ඕනේ
09:34
Video thumbnail
සාප්පු සවාරියේ යනවනම් හොර නෝට්ටු ගැන අවධානය දෙන්න..පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
06:38
Video thumbnail
අතුරලියේ රතන හිමි දේශපාලකයින්ට සැරටම කිව්ව දේ.."ගල් අඟුරුවලටමයි පෙරේත..හොරා කන්න පුළුවන් තැනනේ"
02:56