නව කැබිනට් මණ්ඩලය කෙරෙහි තබන විශ්වාසය ජනපති පහදයි (වීඩියෝ)

නව කැබිනට් මණ්ඩලයට ජනතාවට අලුත් පන්නයේ ආදර්ශයන් ගණනාවක් ලබාදිය හැකි බවට තමන් විශ්වාසකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද (18) දිනයේ දිවුරුම්දීමෙන් අනතුරුව එම උත්සව සභාව අමතමින්.

එමෙන්ම රට අපේක්ෂා කරන ජයග්‍රහණවල නියමු කාර්ය, කැබිනට් මණ්ඩලයට තෝරා පත් කරගත් අමාත්‍යවරුන් සතුව ඇති බවත්; එම කාර්යන් නියම ආකාරයෙන් ඉටුකරන බවට දැඩි විශ්වාසයක් ද තමන් තුළ පවතින බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ.

එමෙන්ම ජනතාව මේ වනවිට ජාතික ජන බලවේගය මනිනු ලබන්නේ දේශපාලන සටන් පාඨවල නිවැරදිතාවය මත නොවන බවත්; ජාතික ජන බලවේගය මේ වනවිට ජනතාව විසින් මනිනු ලබන්නේ ආණ්ඩුකරණයේ දී යහපත් ද නැද්ද යන්න සාධක මත බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී සිහිපත්කර සිටියා.

මේ අතර මෙවර මැතිවරණයේ දී විශාල උද්යෝගයකින් ජනතාව නැඟිට සිටියේ ඔවුන් විඳගෙන සිටි පීඩාව නිසා බව පැවසූ ජනාධිපතිවරයා; මෙම මැතිවරණයේ ප්‍රතිඵලය ඔවුන්ගේ නිදහස් ආමන්ත්‍රණය බවයි සඳහන් කර සිටියේය.

ඒ අනුව පුරවැසියාට අඩ නිදහසක්දීමට කිසිවිටෙකත් බලාපොරොත්තු නොවන බව ද පැවසූ ජනාධිපතිවරයා, පුනරුද යුගයකට රට රැගෙන යා යුතු බවයි දන්වා සිටියේ.

ජනාධිපතිවරයා සිදුකළ සම්පූර්ණ කතාව පහතින් නරඹන්න..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?