පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලයේ 204 වැනි රැස්වීම් වාරය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියයගේ මූලිකත්වයෙන් සහ අධ්‍යාපන ලේකම්තුමාගේ සහභාගීත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව පිරිවෙන් අධ්‍යාපන ආයතනවල සිදුකළ යුතු යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ මෙහිදී අමාත්‍යතුමියගේ විශේෂ අවධානය යොමුව තිබෙනවා.
අධ්‍යාපන ඩිජිටල්කරණ ක්‍රියාවලිය තුළ ස්මාර්ට් පන්ති කාමර සැකසීම සඳහා අවශ්‍ය අන්තර්ජාල පහසුකම් සහ ලබා දිය යුතු අනෙකුත් ප්‍රතිපාදන සකස් කිරීම පිළිබඳවත් ඒ සඳහා මානව සම්පත පුහුණු කිරීමේ ක්‍රමවේද පිළිබඳවත් අමාත්‍යතුමිය දීර්ඝ වශයෙන් සාකච්ඡාකට ලක්කර තිබුණා.
එමෙන්ම පිරිවෙන් අධ්‍යාපනය තුළින් බිහිවන දක්ෂ ශිෂ්‍යයන් ඇගයීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බවත් ඔවුන් එම ක්‍ෂේත්‍රය තුළ රඳවා ගැනීමේ වැදගත්කම පිළිබඳවත් සාකච්ඡාවට ලක් කළ අමාත්‍යතුමිය වර්තමාන අධ්‍යාපන පරිවර්තනය පිරිවෙන් අධ්‍යාපනයට ගළපා ගැනීමේ වැදගත්කම පෙන්වා දී තිබෙනවා.
පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහනායක හිමිපානන් වහන්සේලා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් මේ සඳහා සහභාගී වුණා.





