පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලයේ 204 වැනි රැස්වීම් වාරය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියයගේ මූලිකත්වයෙන් සහ අධ්‍යාපන ලේකම්තුමාගේ සහභාගීත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව පිරිවෙන් අධ්‍යාපන ආයතනවල සිදුකළ යුතු යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ මෙහිදී අමාත්‍යතුමියගේ විශේෂ අවධානය යොමුව තිබෙනවා.
අධ්‍යාපන ඩිජිටල්කරණ ක්‍රියාවලිය තුළ ස්මාර්ට් පන්ති කාමර සැකසීම සඳහා අවශ්‍ය අන්තර්ජාල පහසුකම් සහ ලබා දිය යුතු අනෙකුත් ප්‍රතිපාදන සකස් කිරීම පිළිබඳවත් ඒ සඳහා මානව සම්පත පුහුණු කිරීමේ ක්‍රමවේද පිළිබඳවත් අමාත්‍යතුමිය දීර්ඝ වශයෙන් සාකච්ඡාකට ලක්කර තිබුණා.
එමෙන්ම පිරිවෙන් අධ්‍යාපනය තුළින් බිහිවන දක්ෂ ශිෂ්‍යයන් ඇගයීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බවත් ඔවුන් එම ක්‍ෂේත්‍රය තුළ රඳවා ගැනීමේ වැදගත්කම පිළිබඳවත් සාකච්ඡාවට ලක් කළ අමාත්‍යතුමිය වර්තමාන අධ්‍යාපන පරිවර්තනය පිරිවෙන් අධ්‍යාපනයට ගළපා ගැනීමේ වැදගත්කම පෙන්වා දී තිබෙනවා.
පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහනායක හිමිපානන් වහන්සේලා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් මේ සඳහා සහභාගී වුණා.














HARINI is DOING A CONTRACT OF STATES AND G8 also ILLUMINA..
Chandrika did that in 2014-15 ..its a 10 years cycle..
Basically what they want is slowly destroy this Nation..
Harini and Anura Kumara are the latest fishes to do that ..
Wikramsinghe did as much as he can and now these 2 donkeys are there for it.
Todays era for left parties to get in to power so world controllers can rule them very well as they don’t have backbones ..
Only that they do DANCE as AMBALANGODA RUKADA as what 13 group were saying,,,,