නව අධ්‍යාපන පරිවර්තන යටතේ පිරිවෙන් අධ්‍යාපනයේත් ප්‍රතිසංස්කරණය

පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලයේ 204 වැනි රැස්වීම් වාරය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියයගේ මූලිකත්වයෙන් සහ අධ්‍යාපන ලේකම්තුමාගේ සහභාගීත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව පිරිවෙන් අධ්‍යාපන ආයතනවල සිදුකළ යුතු යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ මෙහිදී අමාත්‍යතුමියගේ විශේෂ අවධානය යොමුව තිබෙනවා.

අධ්‍යාපන ඩිජිටල්කරණ ක්‍රියාවලිය තුළ ස්මාර්ට් පන්ති කාමර සැකසීම සඳහා අවශ්‍ය අන්තර්ජාල පහසුකම් සහ ලබා දිය යුතු අනෙකුත් ප්‍රතිපාදන සකස් කිරීම පිළිබඳවත් ඒ සඳහා මානව සම්පත පුහුණු කිරීමේ ක්‍රමවේද පිළිබඳවත් අමාත්‍යතුමිය දීර්ඝ වශයෙන් සාකච්ඡාකට ලක්කර තිබුණා.

එමෙන්ම පිරිවෙන් අධ්‍යාපනය තුළින් බිහිවන දක්ෂ ශිෂ්‍යයන් ඇගයීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බවත් ඔවුන් එම ක්‍ෂේත්‍රය තුළ රඳවා ගැනීමේ වැදගත්කම පිළිබඳවත් සාකච්ඡාවට ලක් කළ අමාත්‍යතුමිය වර්තමාන අධ්‍යාපන පරිවර්තනය පිරිවෙන් අධ්‍යාපනයට ගළපා ගැනීමේ වැදගත්කම පෙන්වා දී තිබෙනවා.

පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහනායක හිමිපානන් වහන්සේලා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් මේ සඳහා සහභාගී වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40
Video thumbnail
පෝළිමේ ගිහින් දුන්නා නේද අනුරට - අද ගොවි ජනතාව ඉල්ලන් කනවා
14:27