නවීන ආරක්ෂක අභියෝගවල ස්වභාවය තේරුම් ගත හැකි හමුදා නායකයින් අවශ්‍යයි – ආරක්ෂක ලේකම්

ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය ඊයේ (18) ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ දී පැවැත්වුණා.

එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා සහභගී වුණා.

එම අවස්ථාව එක් වූ ආරක්‍ෂක ලේකම්වරයාඅදහස් දක්වමින් ප්‍රකාශ කළේ ,වර්තමානයේ සාම්ප්‍රදායික හමුදා අභියෝග මෙන්ම, සයිබර් ආරක්‍ෂාව හා සබැඳි තර්ජන, දේශගුණික විපර්යාස ගැටළු, ආර්ථික සුරක්‍ෂිතතාවය සහ තොරතුරු තාක්‍ෂණය ඔස්සේ යුද්ධය සමඟ ඡේදනය වන පරිවර්තනීය යුගයක ජීවත් වෙමින් සිටින බවයි.

ඉන්දියන් සාගර කලාපය හරහා වැටි ඇති ගෝලීය සමුද්‍ර වාණිජ්‍යය සහ උපාය මාර්ගික තරඟකාරී මාර්ගයේ අතිශය වැදගත් සන්ධිස්ථානයක ශ්‍රී ලංකාව පිහිටා ඇති බව සඳහන් කළ ආරක්‍ෂක ලේකම්වරයා, ඒ අනුව රට හමුවේ ඇති ඉදිරි අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට සාම්ප්‍රදායිකත්වයෙන් ඔබ්බට සිතිය හැකි සහ නවීන ආරක්‍ෂක අභියෝගවල බහුමාන ස්වභාවය තේරුම් ගත හැකි හමුදා නායකයින් අවශ්‍ය බවයි පැවසුවේ.

මේ අතර එළඹෙන වසරේ සිට ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ පැවැත්වෙන පාඨමාලාව හැදෑරීම සඳහා සිවිල් අංශයේ නිලධාරීන්ට ද, දොරටු විවරවන බැවින්, ඒ ඔස්සේ සැළකිය යුතු පරිවර්තනයකට ලක් වනු ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා.

ජාතික ආරක්‍ෂාව යනු සාමූහික වගකීමක් වන බවත්, ඒ සඳහා සියලු පරිපාලන අංශවල මැදිහත්වීමක අවශ්‍යතාවය මෙම වැදගත් තීරණය ඔස්සේ පිළිබිඹු වන බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නා.

ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ මෙම උපාධි ප්‍රදානෝත්සවයේ දී ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන් 33 දෙනෙකුට සහ විදේශ නිලධාරීන් 08 දෙනෙකුට ආරක්‍ෂක ලේකම්වරයා විසින් උපාධි ප්‍රදානය කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
4
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC තමන්ගේ නිල නිවසේදී කතකට කළ අපරාධය.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09


?