නවීන ආරක්ෂක අභියෝගවල ස්වභාවය තේරුම් ගත හැකි හමුදා නායකයින් අවශ්‍යයි – ආරක්ෂක ලේකම්

ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය ඊයේ (18) ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ දී පැවැත්වුණා.

එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා සහභගී වුණා.

එම අවස්ථාව එක් වූ ආරක්‍ෂක ලේකම්වරයාඅදහස් දක්වමින් ප්‍රකාශ කළේ ,වර්තමානයේ සාම්ප්‍රදායික හමුදා අභියෝග මෙන්ම, සයිබර් ආරක්‍ෂාව හා සබැඳි තර්ජන, දේශගුණික විපර්යාස ගැටළු, ආර්ථික සුරක්‍ෂිතතාවය සහ තොරතුරු තාක්‍ෂණය ඔස්සේ යුද්ධය සමඟ ඡේදනය වන පරිවර්තනීය යුගයක ජීවත් වෙමින් සිටින බවයි.

ඉන්දියන් සාගර කලාපය හරහා වැටි ඇති ගෝලීය සමුද්‍ර වාණිජ්‍යය සහ උපාය මාර්ගික තරඟකාරී මාර්ගයේ අතිශය වැදගත් සන්ධිස්ථානයක ශ්‍රී ලංකාව පිහිටා ඇති බව සඳහන් කළ ආරක්‍ෂක ලේකම්වරයා, ඒ අනුව රට හමුවේ ඇති ඉදිරි අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට සාම්ප්‍රදායිකත්වයෙන් ඔබ්බට සිතිය හැකි සහ නවීන ආරක්‍ෂක අභියෝගවල බහුමාන ස්වභාවය තේරුම් ගත හැකි හමුදා නායකයින් අවශ්‍ය බවයි පැවසුවේ.

මේ අතර එළඹෙන වසරේ සිට ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ පැවැත්වෙන පාඨමාලාව හැදෑරීම සඳහා සිවිල් අංශයේ නිලධාරීන්ට ද, දොරටු විවරවන බැවින්, ඒ ඔස්සේ සැළකිය යුතු පරිවර්තනයකට ලක් වනු ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා.

ජාතික ආරක්‍ෂාව යනු සාමූහික වගකීමක් වන බවත්, ඒ සඳහා සියලු පරිපාලන අංශවල මැදිහත්වීමක අවශ්‍යතාවය මෙම වැදගත් තීරණය ඔස්සේ පිළිබිඹු වන බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නා.

ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ මෙම උපාධි ප්‍රදානෝත්සවයේ දී ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන් 33 දෙනෙකුට සහ විදේශ නිලධාරීන් 08 දෙනෙකුට ආරක්‍ෂක ලේකම්වරයා විසින් උපාධි ප්‍රදානය කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
4
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවුලින් මතුවූ ගෘහස්ථ ඉන්ධන ගබඩාව - පොලිසියත් අසරණ වෙයි
03:23
Video thumbnail
ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සම්පාදනයට සජිත් අත තියයි..වැඩිම බලශක්ති උත්පාදන හිඟය වෙලා තියෙන්නේ ඊයේ
05:47
Video thumbnail
ඉදිරියේදී තාක්ෂණික වශයෙන් Power Cut එකක් ඇතිවෙනවා..මේක වළක්වන්න ක්‍රමයක් තවම රජයට නෑ
05:00
Video thumbnail
මහින්දගෙයි, නාමල්ගෙන් නම් කියන්න කිව්වනම් ඒක විශාල ගැටලුවක්..කොටි හිතවාදීන්ව සතුටු කරනවා
03:35
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15
Video thumbnail
අනුරාධපුර තොග තෙල් ගබඩාවට බාන්න ගෙනා තෙල් බවුසර් මහ පාරේ..බවුසර් ඇතුළට අරගෙන එළියට දාලා
02:49
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි
01:15