නවසීලන්තයෙන් ශ්‍රී ලංකාවට අභියෝගාත්මක ඉලක්කයක්

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 167ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී නවසීලන්ත ඉනිම ගොඩ නැඟූ ග්ලෙන් ෆිලිප්ස් රැස්කළ ලකුණු සංඛ්‍යාව 104ක්.

ෆිලිප්ස්ගේ මෙම ශතකය වාර්තා අතරට එක්වන්නේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ රැස්කළ දෙවන ශතකය ලෙසටයි.

ඔහු අනඟි සහයක් ලබාදුන් ඩැරල් මිචෙල් ලකුණු 22ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී කසුන් රාජිත කඩුලු 02ක් බිඳ දැමූ අතර වනිඳු හසරංග, ධනංජය ද සිල්වා, ළහිරු කුමාර සහ මහිෂ් තීක්ෂණ අතරේ කඩුලු එක බැඟින් බෙදී ගියා.

ඒ, අනුව තරගය ජයග්‍රහණයට ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 168ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

මේ අතර අද තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ පන්දු රැකීම එතරම් සාර්ථකත්වයක් පෙන්නුම් කළේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?