නවසීලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළ අග්‍රගන්‍ය පිතිකරුවෙක් සහ නායකයෙක් වන රොස් ටේලර් විසින් ‘සැමෝවා’ රටෙහි ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.
41 හැවිරිදි රොස් ටේලර් විසින් මෙම තීරණය ගෙන තිබෙන්නේ 2022 වර්ෂයේ දී ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගොස් සිටින පසු බිමකයි.
තම මවගේ උපන් දේශය වන සැමෝවා වෙනුවෙන් රෝස ටේලර් T20 ලෝක කුසලාන සඳහා කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතයි.
“මගේ උරුමය, සංස්කෘතිය, ගම්මාන සහ පවුල නියෝජනය කිරීමට ලැබීම විශාල ගෞරවයක්” යනුවෙන් ඔහු 2026 ආසියා-නැගෙනහිර, ආසියා-පැසිෆික් T20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා සැමෝවා සංචිතයට ඔහුව නම් කිරීමෙන් පසු ඔහු සිය ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවේ සටහනක් පළ කරමින් පවසනවා.
ඒ අනුව රෝස ටේලර් මෙම ආගමනය 2026 T20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට සැමෝවා ක්‍රිකට් කණ්ඩායමට උපකාරී විය හැකි ක්‍රිකට් විචාරකයන් පවසන්නේ.






