AFC Banner
Empty Ad
Empty Ad

නවදිල්ලිය තවත් සතියකට වැසේ – තමිල්නාඩු මැතිවරණයේ ඡන්දය ගණන් කිරීම අද

ගතවූ පැය විසි හතර තුළ ලොව වැඩිම මරණ සහ ආසාදිතයන් සංඛ්‍යාවක් තවදුරටත් ඉන්දියාවෙන් වාර්තාවනවා.

නව ආසාදිතයන් 392,562 ක් සමඟ එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුණේ 19,549,656 ක් ලෙසයි.

දෛනික මරණ 3,688ක් සමඟ එරට සමස්ත මරණ සංඛ්‍යාව 215,523 ක් ලෙස සටහන් වුණා.

මේ අතර කොරෝනා ව්‍යාප්තිය හමුවේ නවදිල්ලි නුවරට පැනවූ වසා දැමීම් තවත් සතියකින් දීර්ඝ කර තිබෙනවා.

එය හෙට උදෑසන පහෙන් අවසන් වීමට නියමිතව තිබුණත් කොරෝනා සීග්‍රයෙන් පැතිර යාම හේතුවෙනුයි මෙම දීර්ඝ කිරීම් සිදුකර ඇත්තේ.

දිල්ලි අගනුවරින් පමණක් ගතවූ පැය විසි හතර තුළ ආසාදිතයන් 27,000 ඉක්මවා වාර්තාවී  ඇති අතර, මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 375ක් ලෙසයි.

ඉන්දියාවේ ආසාදිතයන් සහ මරණ වාර්තාගත ලෙස ඉහළ යන පසුබිමක් තුළ වුවද එරට ප්‍රාන්ත මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ලවනවා.

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය පසුගියදා අවසන් වූ අතර, එහි ඡන්ද ගණන් කිරීමේ කටයුතු අද ආරම්භ වන බවයි ඉන්දීය වාර්තා  සඳහන් කළේ.

එමෙන්ම ඊශ්‍රායලය තම වැසියන්ට ඉන්දියාව ඇතුලු රටවල් 7 කට සංචාරක සීමා පනවා තිබෙනවා.

ඒ අනුව හෙට සිට 16 වනදා දක්වා ඉන්දියාව, යුක්රේනය, බ්‍රසීලය, ඉතියෝපියාව, දකුණු අප්‍රිකාව, මෙක්සිකෝව සහ තුර්කිය යන රටවලට සංචරණ තහනමක් පනවා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ලොව පුරා කොරෝනා ආසාදිතයන් පහළොස් කෝටි විසි හත්ලක්ෂ අසූ තුන්දහස් දෙසිය තිහක් වාර්තාවන අතර, මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ තිස් දෙලක්ෂ පන්දහස් හයසිය අසූ දෙකක් ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?