නවදිල්ලිය තවත් සතියකට වැසේ – තමිල්නාඩු මැතිවරණයේ ඡන්දය ගණන් කිරීම අද

ගතවූ පැය විසි හතර තුළ ලොව වැඩිම මරණ සහ ආසාදිතයන් සංඛ්‍යාවක් තවදුරටත් ඉන්දියාවෙන් වාර්තාවනවා.

නව ආසාදිතයන් 392,562 ක් සමඟ එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුණේ 19,549,656 ක් ලෙසයි.

දෛනික මරණ 3,688ක් සමඟ එරට සමස්ත මරණ සංඛ්‍යාව 215,523 ක් ලෙස සටහන් වුණා.

මේ අතර කොරෝනා ව්‍යාප්තිය හමුවේ නවදිල්ලි නුවරට පැනවූ වසා දැමීම් තවත් සතියකින් දීර්ඝ කර තිබෙනවා.

එය හෙට උදෑසන පහෙන් අවසන් වීමට නියමිතව තිබුණත් කොරෝනා සීග්‍රයෙන් පැතිර යාම හේතුවෙනුයි මෙම දීර්ඝ කිරීම් සිදුකර ඇත්තේ.

දිල්ලි අගනුවරින් පමණක් ගතවූ පැය විසි හතර තුළ ආසාදිතයන් 27,000 ඉක්මවා වාර්තාවී  ඇති අතර, මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 375ක් ලෙසයි.

ඉන්දියාවේ ආසාදිතයන් සහ මරණ වාර්තාගත ලෙස ඉහළ යන පසුබිමක් තුළ වුවද එරට ප්‍රාන්ත මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ලවනවා.

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය පසුගියදා අවසන් වූ අතර, එහි ඡන්ද ගණන් කිරීමේ කටයුතු අද ආරම්භ වන බවයි ඉන්දීය වාර්තා  සඳහන් කළේ.

එමෙන්ම ඊශ්‍රායලය තම වැසියන්ට ඉන්දියාව ඇතුලු රටවල් 7 කට සංචාරක සීමා පනවා තිබෙනවා.

ඒ අනුව හෙට සිට 16 වනදා දක්වා ඉන්දියාව, යුක්රේනය, බ්‍රසීලය, ඉතියෝපියාව, දකුණු අප්‍රිකාව, මෙක්සිකෝව සහ තුර්කිය යන රටවලට සංචරණ තහනමක් පනවා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ලොව පුරා කොරෝනා ආසාදිතයන් පහළොස් කෝටි විසි හත්ලක්ෂ අසූ තුන්දහස් දෙසිය තිහක් වාර්තාවන අතර, මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ තිස් දෙලක්ෂ පන්දහස් හයසිය අසූ දෙකක් ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09