නවකවදය වැළැක්වීමේ මාර්ගෝපදේශ දැඩිව ක්‍රියාත්මක කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග
විශ්වවිද්‍යාලවල නවකවදය වැළැක්වීම සඳහා මේ වනවිට සකස් කර තිබෙන මාර්ගෝපදේශ මාලාව තදින්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) නියෝග කර තිබෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරන ලද්දේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමෂන් සභාව වෙත යි.
එම මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූල්‍ය, තාක්ෂණික සහාය හා පහසුකම් ලබාදීමට කටයුතු කරන ලෙස ද විනිසුරු මඩුල්ල විසින් අධ්‍යාපන හා උසස් අධ්‍යාපනය අමාත්‍ය ආචාර්‍යය හරිනි අමරසූරිය හට නියෝග කරනු ලැබුවා.
2020 වසරේ නවකවදය හේතුවෙන් ශාරීරික මෙන්ම මොළයට සිදු වූ තුවාල හේතුවෙන් පීඩාවට පත්ව සිටින පළමු වසරේ සිසුවෙකු වන පසිඳු හිරුෂාන් ද සිල්වා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව දෙමින් ශිරාන් ගුණරත්න, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග නිකුත් කළා.
මෙම නියෝග ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ප්‍රගතිය විමසීම සඳහා මෙම නඩුකරය ජනවාරි මස 14 වන දා කැඳවන ලෙසත් අධිකරණය නියම කරනු ලැබුවා.





