යාපනය නල්ලූර් කන්දසාමී කෝවිලේ වාර්ෂික මංගල්‍ය ඊයේ (14) සිට පළමු දේව මෙහෙය පවත්වනු ලැබූ බවට කෝවිල් භාරකාර මණ්ඩලය පවසනවා.
දැඩි සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරමින් එම දේව මෙහෙය ඇරඹුණු බවයි ඔවුන් කියා සිටියේ.
ඊයේ දින ආරම්භක දේව මෙහෙයට සහභාගී වීම සඳහා පැමිණි බැතිමතුන් රැසකට කෝවිල් භූමියට ඇතුල්වීම සඳහා පොලීසිය සහ සෞඛ්‍ය නිලධාරීන් අවසර ලබා නොදීම හේතුවෙන් එම බැතිමතුන් නල්ලූර් කෝවිලට පිවිසෙන මාර්ගයේ හිඳගනිමින් පොලීසියට හා සෞඛ්‍ය නිලධාරීන්ට එරෙහිව විරෝධය පල කර තිබෙනවා.
කෙසේ වෙතත් කෝවිල් භූමියට ඇතුල්වන බැතිමතුන් කොවිඩ් එන්නත් ලබා තිබීම ඇතුලු සෞඛ්‍ය ආරක්ෂිත පියවර රැසක අනුගමනය කොට සහභාගී කරවීමට නල්ලූර් කෝවිලේ භාරකාර මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.




