නයිජීරියාවෙන් මෝදිට ඉහළම සම්මානයක්

නයිජීරියාවේ ඉහළම ජාතික ගෞරව නාමය වන ‘ග්‍රෑන්ඩ් කමාන්ඩර් ඔෆ් ද ඕඩර් ඔෆ් ද නයිජර්’ සම්මානයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පිදුම් ලැබුවා.

සම්මානය පිලිගැනීමෙන් අනතුරුව අගමැති මෝදි ප්‍රකාශ කළේ එම ගෞරවය ඉන්දීය-නයිජීරියා උපායමාර්ගික හවුල්කාරිත්වය නව තලයකට ඔසවා තැබීමට තමාව දිරිමත් කරන බවයි.

ඔහු නයිජීරියාවේ රජයට සහ ජනතාවට සිය හෘදයාංගම කෘතඥතාව පළ කළ අතර, එම ගෞරවය “කෝටි 140ක් වන ඉන්දියානුවන්ට සහ ජාතීන් දෙක අතර ගැඹුරු මිත්‍රත්වයට” කැප කරන බව පැවසුවා.

නයිජීරියානු ජනාධිපති බෝලා අහමඩ් ටිනුබු විසින් ඉරිදා අබුජාහිදී අගමැති නරේන්ද්‍ර මෝදි වෙත මෙම සම්මානය ප්‍රදානය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?