නයා පිඹිනවා නෙවෙයි.. ගෑස් ලීක්.

කල්පිටිය, දළුව, නිර්මලපුර ප‍්‍රදේශයේ 27 වැනිදා දහවල් නිවසක තිබූ ගෑස් සිලින්ඩරයක ගෑස් කාන්දුවීම නිසා එම නිවැසියන් දැඩි අපහසුතාවයට පත්ව තිබේ. නිවසේ කාමරයක තිබූ ගෑස් සිලින්ඩරයකින් ගෑස් කාන්දු වීමේ ශබ්දය මුලින්ම දැනගෙන ඇත්තේ කාමරය අසල රැුඳී සිටි වයස අවුරුදු 8ක් වූ දියණියයි.

ඇය කාමරයෙන් නයකු පිඹින ශබ්දයක් ඇසෙන බව ගෙමිදුලේ සිටි දෙමව්පියන්ට දිව ගොස් පැවසීමෙන් පසු ඔවුන් විපරම් කර බලා එය ගෑස් සිලින්ඩරයෙන් ගෑස් කාන්දු වන ශබ්දය බව හඳුනා ගෙන තිබේ. පසුව පියා විසින් සිලින්ඩරයේ ගෑස් නිකුත් වන ස්ථානයට සබන් මිශ‍්‍ර වතුර ද දමා ඇත්තේ ගෑස් විශාල ලෙස පිටවනවා දැයි තහවුරු කර ගැනීමටය. එම අවස්ථාවේ අඛණ්ඩව පෙන බුබුළු විශාල ලෙස නිකුත් වී තිබේ

පසුව ඔහු සිලින්ඩරය රැුගෙන පැමිණ වෙළෙ`දසලට මේ බව දැන්වීමෙන් පසු සිලින්ඩරය ආපසු රැුගෙන එන ලෙස පවසා වෙනත් සිලින්ඩරයක් වෙළෙඳසල් හිමියා විසින් ලබා දී තිබේ. “මම ගෑස් සිලින්ඩර කාමරයෙ තියලා තිබ්බේ. දුව කිව්වට පස්සේ අපි ඉක්මනින් ඇවිල්ල ගෑස් සිලින්ඩරය එළියට අරගෙන සබන් වතුර ටිකක් දාලා බැලූවා. ඉතින් බැලූම් වගේ විශාල ලෙස බුබුළු මතු වුණා. මේ ගැන කඬේ මුදලාලිට කිව්වට පස්සේ ආපසු ගේන්න කිව්වා. මුදලාලිත් ඒ වගේ සබන් වතුර දාලා බැලූවා. දිගින් දිගටම පෙන ආවා.

ඊට පස්සේ කඬේ කෙනා ෆෝන් එකෙන් කොම්පැනියට කතා කළා. එයා ෆෝන් එකෙන් කියන දේ මට ඇහැණා.” එතකොට කොම්පැනියෙන් කිව්වේ “ඔය දැන් එන ගෑස් සිලින්ඩර් ඔය වගේ තමා… 100 ක් ගත්තොත් එකක් තමා හොඳට තියෙන්නෙ” කියලා.

ඔක්කොගෙම ඔය වගේ උතුරලා යනවා කිව්වා. ඉතින් අපි කොහොමද මේ ගෑස් ගැන දැන් විශ්වාසයක් තියන්නේ. ගෙදර ඉන්න වෙන්නේ බයෙන්..” යැයි දියණියගේ පියා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?