නඩු වාර්තාවක් ලබාදිමට අල්ලසක් ඉල්ලු අධිකරණය සේවකයෙකු ගැන විමර්ශනයක්

රථ වාහන නඩුවක වාර්තාවක් ලබාදිමට කාන්තාවකගෙන් රුපියල් 6000 ක අල්ලසක් ඉල්ලූ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ සේවකයෙකු සම්බන්ධයෙන් ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතාගේ නියෝග මත ගාල්ල පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

2007 වසරේ සිදුව ඇති රථ වාහන නඩුවකට අදාළ වාර්තාවක් ලබා ගැනිම සඳහා මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි සෙවණගල නාමල්ගම පදිංචි කාන්තාවකට අවශ්‍යව තිබූ නඩු වාර්තාවක් වෙනුවෙන් මෙම අල්ලස ඉල්ලා ඇති බව සදහන්.

ඇය එම වාර්තාව ලබා ගැනීමට අවස්ථා දහයක් අධිකරණයට පැමිණ ඇති අතර පසුව අධිකරණ සේවකයා ඇයට දුරකතනයෙන් කතා කර නඩු වාර්තාව සොයා දිමට රුපියල් හය දහසක මුදලක් ඉල්ලා ඇති බව විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

එම දුරකතන සංවාදය පටිගත කරගැනිමෙන් පසුව මෙම කාන්තාව සිද්ධිය ලියාපදිංචි තැපැලෙන් මහේස්ත්‍රාත්වරයාට එවා ඇති අතර ඒ අනුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මේ පිළිබඳව විමර්ශණ පැවැත්වීම ගාල්ල පොලිසියට භාර කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33