spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නඩු වාර්තාවක් ලබාදිමට අල්ලසක් ඉල්ලු අධිකරණය සේවකයෙකු ගැන විමර්ශනයක්

රථ වාහන නඩුවක වාර්තාවක් ලබාදිමට කාන්තාවකගෙන් රුපියල් 6000 ක අල්ලසක් ඉල්ලූ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ සේවකයෙකු සම්බන්ධයෙන් ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතාගේ නියෝග මත ගාල්ල පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

2007 වසරේ සිදුව ඇති රථ වාහන නඩුවකට අදාළ වාර්තාවක් ලබා ගැනිම සඳහා මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි සෙවණගල නාමල්ගම පදිංචි කාන්තාවකට අවශ්‍යව තිබූ නඩු වාර්තාවක් වෙනුවෙන් මෙම අල්ලස ඉල්ලා ඇති බව සදහන්.

ඇය එම වාර්තාව ලබා ගැනීමට අවස්ථා දහයක් අධිකරණයට පැමිණ ඇති අතර පසුව අධිකරණ සේවකයා ඇයට දුරකතනයෙන් කතා කර නඩු වාර්තාව සොයා දිමට රුපියල් හය දහසක මුදලක් ඉල්ලා ඇති බව විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

එම දුරකතන සංවාදය පටිගත කරගැනිමෙන් පසුව මෙම කාන්තාව සිද්ධිය ලියාපදිංචි තැපැලෙන් මහේස්ත්‍රාත්වරයාට එවා ඇති අතර ඒ අනුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මේ පිළිබඳව විමර්ශණ පැවැත්වීම ගාල්ල පොලිසියට භාර කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?