නඩු ගොනුවක ලේඛන සපා කෑ ලෝයර් නෝනාගේ රාජකාරිය තහනම්

අධිකරණ කාර්යාලයේ තිබූ නඩු ගොනුවක ලේඛනයක් බලහත්කාරයෙන් උදුරාගෙන සපා කා එය විනාශ කළේ යැයි චෝදනා ලබා සිටින කැකිරාව ප්‍රදේශයේ නීතිඥවරියකට නඩු විභාගය අවසන් වන තෙක් නීතිඥ වෘත්තීයේ නිරත වීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

එම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ නීතිඥවරියට එරෙහිව ඉදිරිපත් කර තිබූ චෝදනා පත්‍රයක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ගාමිණී අමරසේකර සහ ඒ.එච්.එම්.ඩී.නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම චෝදනා පත්‍රය කැදවනු ලැබුවා.

කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකට අදාළව උසාවි කාර්ය මණ්ඩලය භාරයේ තිබූ නඩු ගොනුවක ලේඛනයක් බලහත්කාරයෙන් උදුරාගෙන එය සපා කා ඊට හානි කළේ යැයි චෝදනා කරමින් අදාළ නීතිඥවරියට එරෙහිව චෝදනා ගොනු කර තිබුණා.

මේ තුළින් අදාළ නීතිඥවරිය නීතිඥ ආචාර්ය ධර්ම උල්ලංඝනය කර ඇති බවටත් අදාළ චෝදනා පත්‍රය මගින් චෝදනා නගා තිබුණා.

මෙම නීතිඥවරියට එල්ල වී තිබෙන චෝදනා ඉතා බරපතල යැයි පෙන්වා දුන් ත්‍රිපුද්ගල වනිසුරු මඩුල්ල මෙවැනි ක්‍රියා අනුමත කළ නොහැකි බවත් සඳහන් කළා.

ඒ, අනුව චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව මෙම නඩු විභාගය අවසන් වන තෙක් අදාළ නීතිඥවරියට නීතිඥ වෘත්තියේ නිරත වීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන බවත් අග විනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කරනු ලැබුවා.

මෙම නීතිඥවරිය වසර දොළහක් පමණ කාලයක් නීතිඥවරුත්තියේ නිරත වී ඇති බව ඩු විභාගයේ දී අගවිනිසුරුවරයා විසින් මතු කරනු ලැබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
10
+1
4
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?