AFC Banner
AFC Banner
Empty Ad

නඩුවක සාක්ෂි දීමට ආ සාක්ෂිකරු ඝාතනයට දැරූ තැත වරදියි

යාපනය අධිකරණයේ නඩුවක සාක්ෂි දීමට පැමිණි අයෙකුට පිහියකින් ඇනීමට උත්සහා කළ තුන්වැනි සැකකරු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිදුවීමට සම්බන්ධ සැකකරු ඊයේ (02) දිනයේ දී අත්අඩංගුවට ගැනුණු බවයි යාපනය පොලිසිය පැවසුවේ.

පසුගිය 30 වැනිදා යාපනය අධිකරණයේ පැවති නඩු කටයුත්තකට සාක්ෂිකරුවෙකු ලෙස පැමිණි අයෙකුට සැකකරුවන් විසින් තියුණු ආයුධයකින් පහරදීමට තැත් කර ඇති බවයි.

මෙම සිදුවීමට සැකකරුවන් තිදෙනකු සම්බන්ධ වන අතර ඔවුන් සියලු දෙනා මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එක් සැකකරුවෙකු පලාගොස් සිටියදියි ඊයේ අත්අඩංගුවට ගැනුණේ.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?