AFC Banner
AFC Banner
Empty Ad

ධුර කාලය දිගු නොකළ නිසා නීතිපති විශ්‍රාම යයි (වීඩියෝ)

නීතිපති සංජේ රාජරත්නම්ගේ සේවා කාලය දීර්ඝ නොකිරීම හේතුවෙන්, මේ වනවිට (28) ඔහු නීතිපති ධුරයෙන් විශ්‍රාම ගෙන ඇතැයි වාර්තා වනවා.

නීතිපතිවරයාගේ සේවා කාලය මාස 6කින් දිගු කිරීම සඳහා ජනාධිපතිවරයා දෙවන වරටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කළ
නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

නීතිපති සංජේ රාජරත්නම් මහතාගේ සේවා දිගුව පිළිබඳව ජනාධිපතිවරයා පළමුව සිදුකළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ බහුතර ඡන්දයෙන් ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව, එය යළිත් සළකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත පසුගිය දා යොමු කෙරුණා.

කථානායක නිල නිවසේ දී ඊයේ පස්වරු 6.00 ට පමණ රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පැය 4 ක පමණ කාලයක් මේ පිළිබඳව දීර්ඝව සාකච්ඡා කර තිබෙනවා.

කෙසේ වෙතත් පැවති දීර්ඝ සාකච්ඡාවෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කර ඇත්තේ මේ වන විට වයස අවුරුදු 60 සම්පූර්ණ කරන නීතිපතිවරයාට, තවත් සේවා දිගුවක් ලබාදීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නීතිමය බලයක් නොමැති බවයි.

ඒ අනුව එම සේවා දිගුව ලබා නොදීමට තීරණය කළ බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා සාමාජිකයකු අප සමග පවසා සිටියා.

ඒ සම්බන්ධයෙන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණය ඊයේ රාත්‍රියේම ජනාධිපතිවරයා වෙත ලිපියක් මගින් දැනුම් දීමට කටයුතු කළ බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

ඒ අනුව නීතිපති සංජය රාජරත්නම්ට සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට සිදු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?