ධුර කාලය දිගු නොකළ නිසා නීතිපති විශ්‍රාම යයි (වීඩියෝ)

නීතිපති සංජේ රාජරත්නම්ගේ සේවා කාලය දීර්ඝ නොකිරීම හේතුවෙන්, මේ වනවිට (28) ඔහු නීතිපති ධුරයෙන් විශ්‍රාම ගෙන ඇතැයි වාර්තා වනවා.

නීතිපතිවරයාගේ සේවා කාලය මාස 6කින් දිගු කිරීම සඳහා ජනාධිපතිවරයා දෙවන වරටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කළ
නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

නීතිපති සංජේ රාජරත්නම් මහතාගේ සේවා දිගුව පිළිබඳව ජනාධිපතිවරයා පළමුව සිදුකළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ බහුතර ඡන්දයෙන් ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව, එය යළිත් සළකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත පසුගිය දා යොමු කෙරුණා.

කථානායක නිල නිවසේ දී ඊයේ පස්වරු 6.00 ට පමණ රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පැය 4 ක පමණ කාලයක් මේ පිළිබඳව දීර්ඝව සාකච්ඡා කර තිබෙනවා.

කෙසේ වෙතත් පැවති දීර්ඝ සාකච්ඡාවෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කර ඇත්තේ මේ වන විට වයස අවුරුදු 60 සම්පූර්ණ කරන නීතිපතිවරයාට, තවත් සේවා දිගුවක් ලබාදීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නීතිමය බලයක් නොමැති බවයි.

ඒ අනුව එම සේවා දිගුව ලබා නොදීමට තීරණය කළ බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා සාමාජිකයකු අප සමග පවසා සිටියා.

ඒ සම්බන්ධයෙන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණය ඊයේ රාත්‍රියේම ජනාධිපතිවරයා වෙත ලිපියක් මගින් දැනුම් දීමට කටයුතු කළ බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

ඒ අනුව නීතිපති සංජය රාජරත්නම්ට සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට සිදු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12