ධීවර යාත්‍රා අනතුරු ගැන සොයන්න විශේෂ කමිටුවක්

පසුගිය දිනවල සිදුවූ ධීවර යාත්‍රා අනතුරු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත්කර ඇති බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ පවසනවා.

එම අනතුරුවලට හේතු වූ කරුණු හා ඒ සඳහා ලබාදිය හැකි විසඳුම් පිළිබඳව අවධානය යොමුකිරීමේ අරමුණින් මෙම කමිටුව පත්කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ සභාපතිත්වයෙන් මෙම කමිටුව පත් කිරීමට නියමිතව තිබෙනවා.

නවීන තාක්ෂණය යොදාගෙන ඉදිරියේ දී ධීවරයාට සහන සලසන බවත් ඔහු ඊයේ (29) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර සිටියා.

පසුගිය දින දෙක තුළ සිදු වූ ධීවර යාත්‍රා අනතුරු තුනකින් ධීවරයින් පස් දෙනෙකු මියගිය අතර තවත් ධීවරයින් දෙදෙනෙක් අතුරුදන්ව සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?