ධාවනය වෙද්දි හදිසියේ ම ගැල වී වෙන් වුණු කෝච්චි පෙට්ටි

කැළණිවැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක එන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරිවලින් වෙන් වී ⁣ඉදිරියට ධාවනය වී තිබෙනවා.

අප දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; කොස්ගමවග දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ කාර්යාල දුම්රියක් මගීන්ගෙන් පිරී තිබූ අවස්ථාවේ දී එක්වරම දුම්රිය එන්ජිම වෙන්ව යාමත් සමග ඇති වූ තත්ත්වය නිසා මගීන් දැඩි ලෙස කලබලයට පත් වූ බවයි.

මේ හේතුවෙන් දුම්රිය ධාවනය ප්‍රමාද වී තමන් දැඩි අපහසුතාවට පත් වූ බවටයි මගීන් චෝදනා කරන්නේ.

අනතුරුව දුම්රිය රියදුරු සහ එහි සහායක එක්ව යළිත් දුම්රිය එන්ජිම දුම්රිය මැදිරි දක්වා පසුපසට ධාවනය කර එකට සම්බන්ධ කිරීමෙන් පසු යළි කොළඹ කොටුව දක්වා ධාවනය කර තිබෙනවා.

මේ ආකාරයෙන් දුම්රිය එන්ජිම සහ දුම්රිය මැදිරි වෙන් වූ ප්‍රදේශය තැනිතලා ප්‍රදේශයක් බවත් මේ ආකාරයෙන්ම මෙම ස්ථානයේ දී මෙයට පෙර ද දුම්රිය එන්ජිම සහ දුම්රිය මැදිරි ගැල වී ගොස් තිබූ බව ද කැළණිවැලි දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු සිදු කරන මගීන් පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13