ධානිෂ් අලී සහ අසේල සම්පත් කොළඹින් පුංචි ඡන්දයට

ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ ධානිෂ් අලී මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා භාරදී තිබෙනවා.

මෙවර පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂයෙන් කොළඹ මහ නගර සභාවට තමන් තරග වඳින බවයි නාම යෝජනා භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.

එහිදී වැඩිදුරටත් අදහස් දවමින් ඔහු සඳහන් කළේ එළඹෙන 04 වනදා නිදහස් සොයා පැමිණෙන බවයි.

මේ අතර සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් ද, ප්‍රභා ගනේෂන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසයෙන් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරග කරන බව වාර්තා වුණා.

ඒ, කොළඹ මහ නගර සභාව වෙනුවෙන්.

https://youtu.be/UiW3rDflyWg
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !