AFC Banner
Empty Ad
Empty Ad

ධනා සහ කමිඳුගේ අර්ධ ශතකවලින් ශ්‍රී ලංකා පළමු ඉනිම හොඳ තැනක

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වන සහ අවසන් ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අදයි.

අයහපත් අලෝක තත්ත්වය හේතුවෙන් නියමිත වේලාවට පෙර තරගය දෙවන දිනට නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටියා.

දෙවන දිනට නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩයම කඩුලු 05ක් දැවී ලකුණු 211ක් රැස්කරගෙන සිටි අතර, ශ්‍රී ලංකා පළමු ඉනිම එංගලන්ත පළමු ඉනිමට වඩා තවත් ලකුණු 114ක් පසු පසින් සිටිනවා.

නායක ධනංජය ද සිල්වා ලකුණු 64ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 54ක් රැස්කරගෙන නොදැවී කඩුල්ලේ රැඳී සිටියා.

ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 64ක් රැස් කළ අතර, කුසල් මෙන්ඩිස් ලකුණු 14ක් රැස් කළා.

එංගලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 325ක් රැස් කිරීමට සමත් වුණා.

තරගයේ දෙවන දිනය වූ ඊයේ (07) දිනයේ දී දෙපිලේම කඩුලු 12ක් බිඳ වැටුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?