spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ද සොයිසා කාන්තා රෝහලේ සුවිශේෂී දරු උපතක්

කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ සුවිශේෂී සිසේරියන් සැත්කමක් සිදු කර තිබෙනවා.

ගර්භාෂයෙන් පිට බඩවැලට ඇලි තිබූ වැදෑමහ සහිත දරුවෙකු යි රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් විසින් සිසේරියන් සැත්කමකින් ඉතා සාර්ථකව බිහි කර ඇත්තේ.

ත්‍රිකුණාමලය කින්නියා රෝහලේ ගර්භයට සති 28 සම්පූර්ණ වූ අවස්ථාවේ දීයි මෙම මව මීට සති 6කට පමණ පෙර ද සොයිසා රෝහලට රැගෙන විත් ඇත්තේ.

සති 28 ක ගර්භය වර්ධනය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් සති 34 දක්වා එම කාන්තාව රෝහල් වාට්ටුවේ සහ විශේෂ ප්‍රතිකාර ඒකකයේ තබාගෙන ප්‍රතිකාර කරනු ලැබුවා.

අද විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායමක් විසින් සැත්කමකින් පසු ඉතා සාර්ථකව දරුවා බිහි කරනු ලැබුවා.

වෛද්‍යවරුන් සඳහන් කළේ මෙම දරුවා ඉපදීම ඉතා විශේෂ දුර්ලභ අවස්ථාවක් වන අතර උදර කුහරයේ සති 34 දක්වා තිබූ බිළිඳා ඉන් පිටතට ගැනීම සංකූලතා සහිත ශල්‍යකර්මයක් බවයි.

මෙම ශල්‍යකර්මයේදී අධික රුධිර වහනයක් විය හැකි බැවින් එවැනි දෙයක් වළක්වා ගැනීම සඳහා කළ හැකි සියලුම ප්‍රතිකාරවලට සූදානම් වෙමින් මෙම සැත්කම සිදු කර තිබෙනවා.

මේ සඳහා කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය ඉෂාන් ද සොයිසා, විශේෂඥ වෛද්‍ය කනිෂ්ක කරුණාරත්න, ද සොයිසා රෝහලේ වෛද්‍යවරුන්ට අමතරව මෙම සැත්කම සඳහා සහභාගී වී සිටියා.

සාර්ථක සැත්කමකින් පසුව බිහි කළ දරුවා නිරෝගීව වාට්ටුවේ සිටින අතර මව වෛද්‍ය අධික්ෂණය යටතේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතා සඳහන් කළේ මෙවැනි දරු පිළිසිඳ ගැනීමක් සිදු වන්නේ ඉතා කලාතුරකින් බවයි.

“අද අප රෝහලේ සුවිශේෂී සිසේරියන් සැත්කමක් කළා. මේ වගේ pregnancy එකක් ඉන්නේ බොහොම කලාතුරකින්. තිස්දාහකට විතර එකක්. ගර්භාෂයෙන් පිට බඩවැලට ඇලිච්ච වැදෑමහ සහිත දරුවෙකු ඉතා සාර්ථකව අපි සිසේරියන් සැත්කමකින් ඩිලිවර් කළා. විශේෂඥ වෛද්‍යවරුන්, රෝහල් කාර්ය මණ්ඩලය, ජාතික රෝහලේ ශල්‍ය වෛද්‍යවරුන් ගෙන්නගෙන අපි මේ භාරදූර කාර්යය කළා. නැගෙනහිර පළාතේ රෝහලකින් අපිට මේ රෝගියා එනකොට අපි දැනුවත් වෙලා හිටියා. ද සොයිසා කාන්තා රෝහල මෙවැනි භාරදූර සංකූලතා සහිත operations කරන්න සියලු මානව සම්පත් හා විශේෂඥ වෛද්‍යවරු සියලු කාර්ය මණ්ඩල ශල්‍යාගාර සියල්ල තිබෙනවා. හොඳම වර්ගයේ ICU එකක් අපිට තිබෙනවා. සියලු ඖෂධ සියලු ප්‍රතිකාර ක්‍රම අපි සතුයි. බොහොම නිරෝගීව මව මේ වන විට සිටිනවා. බබාව වාට්ටුවට බාර දීලා තිබෙනවා. මේ වගේ පහසුකම් තිබෙන මේ වගේ මානව සම්පතක් තිබෙන අපේ වගේ ඒ මධ්‍යස්ථානයක මෙවැනි දේවල් කරන්න පුළුවන් ඒ රෝගීන් මව්වරුන් බයවෙන්න දෙයක් නැහැ. ලංකාව තුළ මේ වගේ අමාරු ශල්‍යකර්ම කරන්න පුළුවන්. අපේ වගේ මධ්‍යස්ථාන තිබෙනවා. හරි වෙලාවට යොමු වීමයි වැදගත්. මේ වගේ දේවල් වලට බයවෙන්න එපා කියලා අපි ජනතාවගෙන් ඉල්ලන්නේ. අපේ වගේ නියමිත විශේෂඥ මධ්‍යස්ථානයකට ගිහිල්ලා වෛද්‍යවරුන් හමු වන්න. අපේ රෝහල්වල එක එක අඩුපාඩු තියෙනවා කියලා මාධ්‍යවලින් කියනවා. නමුත් මෙවැනි භාරදූර සියලු දේවල් අපිට කරන්න පුළුවන්කම තිබෙනවා. අපේ රෝහලට සියලු පහසුකම් තිබෙනවා.

සැත්කමට එක්වූ වෛද්‍ය මොහොමඩ් රිෂාඩ්

ද සොයිසා කාන්තා රෝහලේ මහාචාර්ය ඒකකයේ consultant හැටියට කටයුතු කරනවා. අද අපි කරපු මේ pregnancy එක ගර්භාශයෙන් එළියේ දරුවෙකු ගර්භාෂයෙන් පිටතට ගත්තේ. දරුවාගේ වැදෑමහ ගර්භාෂයෙන් පිටතට ගිහිල්ලා බඩවැල් එක්ක connective වෙලා තමයි රුධිරය අරන් තිබුනේ. 28 වැනි සතියේ සිට මේ වෙනකන් ඒ මව අපේ වාට්ටුවේ තබාගෙන බලාගෙන හිටියා. අපේ විශේෂ කණ්ඩායමක් මේ සඳහා යොදවල හිටියා. අම්මගේ තත්ත්වය පරික්ෂා කරනවා නිරන්තරයෙන්. මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න විශේෂ හේතුවක් කියලා තවම කොහෙවත් නිරීක්ෂණය කරලා නෑ. ස්කෑන් කිරීම මගින් තමයි මේ තත්ත්වය හොයාගත්තේ. මෙවැනි ශල්‍යකර්මයක් බොහොම බරපතල එකක්. ඒ වගේම පහසුකම් සියල්ල තිබිය යුතුයි මෙවැනි සැත්කමක් කරන්න. දරුවා හොඳම තත්වයෙන් ඉන්නවා. කිලෝ දෙකයි 300 ක බරක් තිබෙනවා.

වෛද්‍ය හර්ෂණි ලියනගේ – උපදේශක නිර්වින්දක

මේ ශල්‍යකර්මය බොහොම complicated surgery එකක්. ඉතාම කලාතුරකින් සිදුවන තත්ත්වයක්. අපි මෙය දැනගත්ත දවසේ ඉඳලම පරික්ෂා කරල නිරන්තර පරීක්ෂාවෙන් පසු යි මේ දරුවාව බිහි කරන කටයුතු කළේ. අපේ රෝහලේ ඕනෑම ශල්‍යකර්මයක් කරන්න අවශ්‍ය පහසුකම් තිබෙනවා. බඩ වැල සහ මුත්‍රාශය ආශ්‍රිත ප්‍රදේශයේ තමයි මේ දරුවා සම්බන්ධ වෙලා හිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
25
+1
4
+1
12
+1
12
+1
0
+1
7
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?