දෝනිගේ අංක 07 විශ්‍රාම ගන්වයි

ඉන්දියාවෙන් බිහි වූ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන මහේන්ද්‍ර සිං දෝනිගේ අංක 07 කමිසය විශ්‍රාම ගැන්වීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව ඉදිරියේ දී ඉන්දීය කණ්ඩායමට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් සඳහා අංක 07 කමිසය පැළඳීමේ අවස්ථාව හිමිවන්නේ නැහැ.

මහේන්ද්‍ර සිං දෝනිට උපහාරයක් ලෙස ඉන්දීය ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කරන්නේ.

මේ අතර සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර්ගේ අංක 10 කමිසය ද විශ්‍රාම ගැන්වීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය මීට පෙර කටයුතු කළා.

ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින් සඳහා දැනට අංක 60ක් ලබා දී ඇති බවයි ඉන්දීය ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

“දැනට, ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයින්ට සහ තරඟ වදින අයට ඔත්තේ සංඛ්‍යා 60ක් නම් කර තිබෙනවා. එබැවින් ක්‍රීඩකයෙකු වසරක් හෝ ඊට වැඩි කාලයක් කණ්ඩායමෙන් ඉවත්ව සිටිය ද, අපි ඔහුගේ අංකය නවකයෙකුට ලබා දෙන්නේ නැහැ” යනුවෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙක් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44