අනුරපුරේ ළමා වාට්ටුව වැසීයාමට රජය වගකිව යුතුයි – දොස්තරලා රැසක් රට හැර ගිහින් (වීඩියෝ)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේ ළමා වාට්ටුව වසා දැමීමේ පුවත ඊයේ (30) දිනයේ දී ‘දසත පුවත්’ වාර්තා කළා.

එම රෝහලේ සේවයේ නිරතව සිටි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් සිව්දෙනා ම රැකියා සඳහා විදෙස් ගතවීම මීට හේතුව වී ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් සියලු වගකීම රජය විසින් භාරගත යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මාධ්‍ය හමුවකට එකෙවෙමින් අද (31) සඳහන් කර සිටියේ.

මේ අතර මුලතිව් රෝහලේ ද ළමා රෝග වාට්ටුවේ කටයුතු ද මේ වනවිට අඩපන වී ඇති බවයි වෛද්‍ය හරිත අලුත්ගේ මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එම ළමා රෝග වාට්ටුවට විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකු අවශ්‍යව සිටිය ද මේ වනවිට එහි සේවය කරනු ලබන්නේ එක් විශේෂඥ වෛද්‍යවරයෙකු බවයි ඔහු පැවසුවේ.

එමෙන්ම එම රෝහලේම ශල්‍ය වෛද්‍ය ඒකකය ද මේ වනවිට සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බව සඳහන් කළ ලේකම්වරයා එම ඒකකයට අවශ්‍යව සිටින විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ ද හිඟයක් පවතින බව සඳහන් කළා.

මීට අමතරව පර්යන්තයේ ඇති රෝහල් රැසක ද විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන්ගේ හිඟයක් මේ වනවිට මතුව ඇති බව මෙම මාධ්‍ය හමුවේ දී ආනාවරණය වුණා.

මේ වනවිටත් සේවයේ නියතු විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන්ගේ මාසිකව 40ක් පමණ රට හැර යෑම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අයදුම්පත් ඉදිරිපත් කරන බවයි වාර්තා වුණේ.

එමෙන්ම වෛද්‍යවරුන් 600ත් 700ත් අතර ප්‍රමාණයක් මේ වනවිට රට හැරගොස් ඇති බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කර සිටියා.

https://youtu.be/Wjbqpnc-QUc
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?