අනුරපුරේ ළමා වාට්ටුව වැසීයාමට රජය වගකිව යුතුයි – දොස්තරලා රැසක් රට හැර ගිහින් (වීඩියෝ)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේ ළමා වාට්ටුව වසා දැමීමේ පුවත ඊයේ (30) දිනයේ දී ‘දසත පුවත්’ වාර්තා කළා.

එම රෝහලේ සේවයේ නිරතව සිටි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් සිව්දෙනා ම රැකියා සඳහා විදෙස් ගතවීම මීට හේතුව වී ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් සියලු වගකීම රජය විසින් භාරගත යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මාධ්‍ය හමුවකට එකෙවෙමින් අද (31) සඳහන් කර සිටියේ.

මේ අතර මුලතිව් රෝහලේ ද ළමා රෝග වාට්ටුවේ කටයුතු ද මේ වනවිට අඩපන වී ඇති බවයි වෛද්‍ය හරිත අලුත්ගේ මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එම ළමා රෝග වාට්ටුවට විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකු අවශ්‍යව සිටිය ද මේ වනවිට එහි සේවය කරනු ලබන්නේ එක් විශේෂඥ වෛද්‍යවරයෙකු බවයි ඔහු පැවසුවේ.

එමෙන්ම එම රෝහලේම ශල්‍ය වෛද්‍ය ඒකකය ද මේ වනවිට සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බව සඳහන් කළ ලේකම්වරයා එම ඒකකයට අවශ්‍යව සිටින විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ ද හිඟයක් පවතින බව සඳහන් කළා.

මීට අමතරව පර්යන්තයේ ඇති රෝහල් රැසක ද විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන්ගේ හිඟයක් මේ වනවිට මතුව ඇති බව මෙම මාධ්‍ය හමුවේ දී ආනාවරණය වුණා.

මේ වනවිටත් සේවයේ නියතු විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන්ගේ මාසිකව 40ක් පමණ රට හැර යෑම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අයදුම්පත් ඉදිරිපත් කරන බවයි වාර්තා වුණේ.

එමෙන්ම වෛද්‍යවරුන් 600ත් 700ත් අතර ප්‍රමාණයක් මේ වනවිට රට හැරගොස් ඇති බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කර සිටියා.

https://youtu.be/Wjbqpnc-QUc


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13