AFC Banner
Empty Ad

දේශීය ණය ප්‍රශස්තකරණ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම සදහා වන යෝජනා සම්මතය අද (30) පැවති රජයේ මුදල් කාරක සභා රැස්වීමේදී සමාජිකත්වයේ බහුතර කැමැත්ත මත අනුමත වී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම සදහා වන යෝජනා සම්මතය, රජයේ මුදල් කාරක සභා රැස්වීමේදී දෙවැනි දිනටත් අද සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි මෙම අනුමතිය හිමි වූයේ.

ඊයේ (29) පැවති රැස්වීමේ පළමු අර්ධයේදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නියෝජනය කරන ඉහළ නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත් වුණා. රැස්වීමේ දෙවන භාගයේදී බැංකු ඇතුළු අනෙකුත් මූල්‍ය අරමුදල් සහ ආයතන හිමියන් සමඟ සාකච්ඡා සිදු කෙරුණා.

පැවැත්වූ පුළුල් සාකච්ඡාවලින් අනතුරුවයි සංශෝධනවලට යටත්ව යෝජනා සම්මතය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමතිය ලබා දීම සිදු වූයේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, කාරක සභා සාමාජික මන්ත්‍රීවරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් මීට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?