AFC Banner
Empty Ad
Empty Ad

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන පාර්ලිමේන්තු විවාදය හෙට

ස්වෛරීත්ව ණය තිරසරභාවය නැවත ඇති කිරීමට දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම සදහා වන යෝජනා සම්මතය හෙට (01) පමණක් විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබෙනවා.

ඒ අද එම කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී යි.

මේ අනුව හෙට (01) පෙරවරු 9.30 සිට පස්වරු 7.30 දක්වා එම යෝජනාව විවාදයට ගැනීමට නියමිත අතර ඡන්ද විමසීමක් ඉල්ලා සිටියහොත් එය පස්වරු 7.30 ට පැවැත්වෙනු ඇති.

මේ අතර ලබන සතියේ 4 වැනි අගහරුවාදා පාර්ලිමේන්තු රැස්වීම් නොපැවත්වීමට මෙහිදී තීරණය වූ බව ද පාර්ලිමේන්තු මහලේකම්වරිය ප්‍රකාශ කළා.

මේ අනුව ලබන සතියේ 5,6 සහ 7 යන තෙදින පමණක් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?