දේශබන්දු යොමුකළ අපේක්ෂිත ඇප අයදුම අධිකරණයෙන් ඉවත දමයි

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉරිදිපත් කර තිබූ අපේක්ෂිත ඇප අයදුම කොටුව මහේස්ත්‍රාත්වරිය විසින් අද (20) ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ගාලුමුවදොර අරගලයට පහරදීමේ සිද්ධියේ තමන් සකරුවෙකු ලෙස නම්කර ඇති බැවින්, තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා ඔහු මෙම ඇප අයදුම අධිකරණය වෙත ඉදිරපත් කර තිබුණා.

එම නියෝගය නිකුත් කරමින් කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනෙවිය සඳහන් කර සිටියේ මීට පෙර අධිකරණය මඟ හරිමින් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් වැනි සැකකරුවෙකු විසින් ගොනු කරන ලද ඇප ඉල්ලුමක් සලකා බැලීමට තම අධිකරණයට නොහැකි බවයි.

විභාග වෙමින් පවතින නඩුවකට සැකකරුවෙකු ලෙස නම් කර සිටින විට එලෙස අධිකරණය මඟ හැරීම යුක්තිගරුක නොවන බවයි වැඩිදුරටත් විනිසුරුවරිය ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
6
+1
0
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?