පසුගිය රාජ්‍ය පාලන සමයේ දී ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරන ලද යුක්තියේ මෙහෙයුම යටතේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අනුදැනුම මත කඩුවෙල ප්‍රදේශයේ බස් හිමියෙකුගේ බස් රථ 05ක් සහ මෝටර් රථයක් කිසිදු චෝදනාවක් නොමැතිව අත් අඩංගුවට ගැනීමට එරෙහිව අදාළ බස් රථ හිමියා විසින් නඩු පැවැරීමට සූදානමක් ඇති බවට වාර්තා වනවා.
එම බස් රථ 05 සහ මෝටර් රථය මාස 14ක් යන තෙක් නිදහස් කර නොමැති අතර එම බස් රථ අද (24) දිනයේ දී නිදහස් කිරීමට පියවර ගෙන ඇති අතර අදාළ වාහන අලුත්වැඩියා කිරීමට කෝටි 04කට මුදලක් වැයවන බවයි බස් හිමියා පැවසුවේ.
කෙසේවෙතත් එම බස් රථවලට සිදු වූ හානිය සහ තමන්ට වූ අලාභය දේශබන්දු තෙන්නකෝන් සහ කඩුවෙල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් ගෙවිය යුතු බව ද බස් රථ හිමිකරු අවධාරණය කළා.