දේශබන්දු පොලිස්පති ලෙස පත් කිරීම ගැන ජනපතිගේ ස්ථාවරය දැනුම්දීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසර

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත් කිරීම සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයාගේ ස්ථාවරය දැනුම්දීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් නෙරිල් පුල්ලේ කළ ඉල්ලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) අවසර ලබා දුන්නා.

එමෙන්ම තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වෙනුවෙන් එහි සභාපති තරිඳු ජයවර්ධනගේ ඉල්ලීමක් අනුව මෙම නඩුවේ වගඋත්තරකරුවකු ලෙස නම් කිරීමට අවසර දුන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට විරෝධතා ඇත්නම් ගොනු කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දෙනු ලැබුවා.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත් කිරීමට එරෙහිව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා, මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර ඇතුළු පාර්ශ්ව 08ක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදියේ කැඳවනු ලැබුවා.

⁣මුලින් මෙම පෙත්සම් වනිසුරු නිලමැදිරියේ දී කැඳවනු ලැබූ අතර, පසුව එය විවෘත අධිකරණයේදී කැඳවනු ලැබු බවයි අප අධිකරණ වාර්තාකරු පැවසුවේ.

මෙම පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලකට යොමු කරන ලෙස වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් මෝසමක් මගින් ඉල්ලා තිබුණු අතර, එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙස මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ද මෝසමක් මගින් ඉල්ලා තිබුණා.

ඒ, අනුව පූර්ණ විනිසුරු මඩුල්ලක් සඳහා වන ඉල්ලීම අගවිනිසුරු වෙත යොමු කරන ලෙස ලේඛකාධිකාරීයට ⁣නියෝග කළ අධිකරණය එමගින් මෙම පෙත්සම් විභාග කර අවසන් කිරීම මෙම විනිසුරුමඩුල්ලටම නොහැකි බවට හෝ මෙම විනිසුරු මඩුල්ල ඉවත්වූ බවක් අදහස් නොවන බව ද සඳහන් කළා.

පෙත්දම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, ජනාධිපති නීතිඥ ජෙෆ් අලගරත්නම්, නීතිඥ තිෂ්‍ය වේරගොඩ, නීතිඥ සුරේන් ප්‍රනාන්දු ඇතුළු නීතිඥවරු කණඩායමක් පෙනී සිටි අතර; වගඋත්තරකාර දේශබන්දු තෙන්නකේන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වාද, වගඋත්තරකාර රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙ⁣රේරා ඇතුළු පිරිසක් පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
20
+1
9
+1
56
+1
4
+1
6
+1
8
+1
14
Subscribe
Notify of
7 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?