වැලිගම පැලෑන ප්‍රදේශයේ පිහිටි W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට සැඟවී සිටින්නට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනකු වන පොලිස් කොස්තාපල් මහේෂ් උදාර සහ කෝටිපති ව්‍යාපාරික සුරංග සංජීව වීරසූරිය යන විත්තිකරුවන්ගේ නඩුව මැයි 22 වැනි දින කැඳවීමට නියෝග කර තිබෙනවා.
ඊයේ (03) පස්වරුවේ විත්තිකාර දේශබන්දු තෙන්නකෝන්ගේ නඩුව කැඳවන අවස්ථාවේ දී මම මෙම නඩුව ද කැඳවා ඇත්තේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ දියි.
එදින නඩුවේ විමර්ශන ප්‍රගතිය අධිකරණයට දැනුම්දෙන ලෙස පොලිසිය වෙනුවෙන් නඩුව මෙහෙයවූ පොලිස් පරීක්ෂකවරයා හට අධිකරණය නියෝග කර තිබෙනවා.
දේශබන්දු තෙන්නකෝන්ට සැඟවී සිටීමටත්, පලා යාමටත් සිය සුපිරි ජීප් රිය ලබාදීමේ චෝදනාවට කෝටිපති ව්‍යාපාරිකයාගේ රථයේ GPS නිරීක්ෂණය කිරීමට ද පොලිසිය අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා.
මේ අතර නඩුව මෙහෙයවන පොලිසිය පවසා ඇත්තේ අදාළ සුපිරි ජීප් රිය ලියාපදිංචි කර ඇත්තේ වයස අවුරුදු 66ක් වන කාර්මිකයෙකුගේ නමට බවත්, ව්‍යාපාරිකයාගේ නමට අදාළ වාහනය නොමැති බවට හෙළි ව තිබෙන බවයි.
මේ හේතුවෙන් අදාළ වාහනයේ GPS නිරීක්ෂණයට පොලිසිය කළ ඉල්ලීමට අධිකරණය අවසර දුන්නා.
මෙම නඩුවේ නියෝගය මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා විසින් ලබාදෙනු ලැබූ බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය සඳහන් කළේ.