දේශබන්දුට පලා යාමට ජීප්රිය දුන් කෝටිපති ව්‍යාපාරිකයාගේ වාහනයේ GPS නිරීක්ෂණයට අවසර

වැලිගම පැලෑන ප්‍රදේශයේ පිහිටි W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට සැඟවී සිටින්නට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනකු වන පොලිස් කොස්තාපල් මහේෂ් උදාර සහ කෝටිපති ව්‍යාපාරික සුරංග සංජීව වීරසූරිය යන විත්තිකරුවන්ගේ නඩුව මැයි 22 වැනි දින කැඳවීමට නියෝග කර තිබෙනවා.

ඊයේ (03) පස්වරුවේ විත්තිකාර දේශබන්දු තෙන්නකෝන්ගේ නඩුව කැඳවන අවස්ථාවේ දී මම මෙම නඩුව ද කැඳවා ඇත්තේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ දියි.

එදින නඩුවේ විමර්ශන ප්‍රගතිය අධිකරණයට දැනුම්දෙන ලෙස පොලිසිය වෙනුවෙන් නඩුව මෙහෙයවූ පොලිස් පරීක්ෂකවරයා හට අධිකරණය නියෝග කර තිබෙනවා.

දේශබන්දු තෙන්නකෝන්ට සැඟවී සිටීමටත්, පලා යාමටත් සිය සුපිරි ජීප් රිය ලබාදීමේ චෝදනාවට කෝටිපති ව්‍යාපාරිකයාගේ රථයේ GPS නිරීක්ෂණය කිරීමට ද පොලිසිය අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා.

මේ අතර නඩුව මෙහෙයවන පොලිසිය පවසා ඇත්තේ අදාළ සුපිරි ජීප් රිය ලියාපදිංචි කර ඇත්තේ වයස අවුරුදු 66ක් වන කාර්මිකයෙකුගේ නමට බවත්, ව්‍යාපාරිකයාගේ නමට අදාළ වාහනය නොමැති බවට හෙළි ව තිබෙන බවයි.

මේ හේතුවෙන් අදාළ වාහනයේ GPS නිරීක්ෂණයට පොලිසිය කළ ඉල්ලීමට අධිකරණය අවසර දුන්නා.

මෙම නඩුවේ නියෝගය මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා විසින් ලබාදෙනු ලැබූ බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
2
+1
28
+1
4
+1
4
+1
6
+1
3
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47