AFC Banner
Empty Ad
Empty Ad

දේශබන්දුගේ පොලිස්පති ධුරයට අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශ්වකරුවන් විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් 09ක් විභාගයට ගැනීමට අවසර දෙමිනුයි; ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ.

ඔහු පොලිස්පති ධුරයට පත් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් අයදුම්පත් 09 අවසන් තීරණය වන තුරු එම නියෝගය බලපැවැත්වෙනු ඇති.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09ක් සලකා බැලීමෙන් අනතුරුව විනිසුරු යසන්ත කෝදාගොඩ, විනිසුරු අචල වෙංගප්පුලි සහ විනිසුරු මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

මෙම පෙත්සම් ඉදිරියට කරගෙන යාමට අධිකරණය තවදුරටත් මෙහිදී අවසර ද ලබා දුන්නා.

ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම්, ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය, ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා, ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, විරාන් කොරයා, ජ්‍යෙෂ්ඨ නීතිඥ සුරේන් ප්‍රනාන්දු, ලක්ෂාන් ඩයස්, තිෂ්‍ය වේරගොඩ සහ විනුර කුලරත්න යන මහත්වරු පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියා.

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි අතර ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
18
+1
3
+1
30
+1
3
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?