දේව ආශිර්වාද දෙන්න අඩි 60ක් උස කණුවකට නැගි පුද්ගලයා ඇද වැටී මරුට

හින්දු සංස්කෘතියේ ඇති පොන්නන් සංගර් නැමැති නාට්‍ය විදහා දැක්වීමට අඩි 60ක් උස කණුවකට නැඟ එම නාට්‍යයේ ප්‍රධාන භූමිකාව රඟ දැක්වූ පුද්ගලයෙක් කණුවේ මුදුනේ සිට බිමට ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (2) උදෑසන සිදු වූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නානුඔය පොලිස් වසමට අයත් ග්ලාස්කෝ වතුයායේ පදිංචිව සිටි මුරුගන් සන්මුගම් නැමති 66 හැවිරිදි පුද්ගලයෙක්.

සෑම වසරකම එම වතුයායේ වතු කම්කරුවන් එක්ව හින්දු සංස්කෘතිය විදහා දැක්වෙන පොන්නන් සංගර් නාට්‍ය රඟ දජ්වන බවත්, මෙම වසරේදීත් එම නාට්‍ය රඟ දැක්වීමට කටයුතු කර තිබෙනවා.

ඒ, සඳහා වතු කම්කරුවන් එක්ව ඊයේ (26) රාත්‍රියේ අඩි 60ක් උස කොඩි කණුවක් සිටුවා එම කොඩි කණුවේ මුදුනේ විශාල මල් රඳවා සුදානම් කර ඇති බවයි වාර්තා වුණේ.

පසුව රැය පහන් වන තුරු නාට්‍ය රඟ දක්වා විශේෂ පූජාවන් ගණනාවක් ද පවත්වා තිබෙනවා.

අනතුරුව හිරු උදාවීමට ප්‍රථම එම නාට්‍යයේ රඟපෑ ප්‍රධාන ශිල්පියා අඩි 60ක් උස කණුවට නැග කණුව මුදුනේ රඳවා ඇති මල් පහළින් සිටින එම උත්සවයට සහභාගී වූ පිරිසට ඉසීමට කටයුතු කර ඇති බව සඳහන්.

එම අවස්ථාවේ දී කණුව මුදුනටම නැගි පුද්ගලයා ගසේ මුදුනේ සිට මල් ඉසින අවස්ථාවේ පය ලිස්සා ඉන් බිමට වැටී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි නානුඔය පොලිසිය පැවසුවේ.

අනතුරින් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික්ක මහ රෝහලේ තැන්පත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
10
+1
3
+1
13
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?