AFC Banner
AFC Banner
Empty Ad

දේවාලයට ආ පුද්ගලයා හදිසියේ මැරී වැටෙයි – CCTV දර්ශන

පංසලක් තුළ පවත්වාගෙන යන දේවාලයක් පිරිසිඳු කිරීම සඳහා (07) අලුයම එහි පැමිණ සිටි පුද්ගලයෙක් හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇදවැටී මරණයට පත්ව තිබේ.

අම්බලන්ගොඩ හිරේවත්ත මෝදර දේවාලයේදී එලෙස ජීවිතක්ෂයට පත්වී තිබුණේ 54 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු හික්කඩුව මලවැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිරුර සම්බන්ධයෙන් PCR  පරීක්ෂණයක් සඳහා බලපිටිය රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?