දෙහිවල සෝල් බීච් හිමිකරුවන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

දෙහිවල මුහුදු තීරයේ පිහිටා තිබූ “සෝල් බීච් හෝටලය” කඩා ඉවත් කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. ඒ සොල් බීච් ප්‍රයිවට් ලිමිටඩ් සහ එහි අධ්‍යක්ෂවරුන් තුන් දෙනෙකු විසින්.

එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, නියෝජ්‍ය පොලිස්පති ජී.එච්. මාරපන, ගල්කිස්ස ප්‍රදේශයේ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන කියා සිටින්නේ අදාළ ස්ථානයේ ව්‍යාපාරික ආයතනයක් පවත්වාගෙන යාම සඳහා තමන්ට නීත්‍යානුකූල අවසරය ලැබී තිබු බවයි.

එසේ තිබියදී වගඋත්තරකරුවන් විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම ව්‍යාපාරික ස්ථානය කඩා ඉවත් කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව පෙත්සම්කරුවන් පවසනවා.

එබැවින් වග උත්තරකරුවන්ගෙන් තමන්ට වන්දි අයකර දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස රාජ්‍ය සේවා කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

එසේම කඩා ඉවත් කෙරුණු සිය ව්‍යාපාරික ස්ථානය පිහිටි ස්ථානයේම නැවත ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය අනුමැතිය ලබාදෙන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසටයි පෙත්සම මගින් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
6
+1
0
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"කුරහන් සාටකය" කරෙන් ග#ලවගෙනම නාමල් උසාවිය ඇතුලට ගිය හැටි..නාමල් එක්ක කට්ටිය සෙල්ෆි ග#යි
05:45
Video thumbnail
නාමල් මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."ඔයාලා හික් හික් ගගා ඉන්න..මිනිස්සුන්ට මේකේ වේදනාව තියෙන්නේ"
11:51
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."රන්වලගේ මූණ මිරිකුවත් අරක්කු බාගයක් ගන්න පුළුවන්"
07:57
Video thumbnail
මෙතන රෝහලක් පවත්වාගෙන යන එක අවදානම්..වත්තෙගම දිස්ත්‍රික් රෝහල බලන්න ගිය සෞඛ්‍ය නි.ඇමති කිව්ව දේ
03:51
Video thumbnail
පදක්කමේ ලොක්කෙක් එක්ක ගැන්සි පිටින් බැහැලා පුද්ගලයෙක්ට තගදාලා..ප#රකෑ පුද්ගලයා සියල්ල හෙළිකරයි
01:26
Video thumbnail
බුත්තලදී සිදුවූ බිහිසුණු රිය අනතුර..බයික් එකක් ටිපර් එක ය# - පාරත් කඩාගෙන ගිහින්
01:03
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
00:00
Video thumbnail
කඩුවෙල නගරාධිපතිට එරෙහිව පක්ෂයක් හැටියට වහාම තීන්දුවක් ගන්න..JVP එක අහක බලන් ඉන්නේ ඇයි?
04:36
Video thumbnail
හානි වූ ඌමා ඇළේ අමුණ ප්‍රතිසංස්කරණය කර දියවර නිකුත් කිරීමට ආ ප්‍රබලයින්
01:07
Video thumbnail
ත්‍රීරෝද රථයක් අළුකළ මහ ගින්න..ගන්න දෙයක් නෑ - අළු වෙලාම ගිහින්
00:24


?