දෙහිවල සෝල් බීච් හිමිකරුවන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

දෙහිවල මුහුදු තීරයේ පිහිටා තිබූ “සෝල් බීච් හෝටලය” කඩා ඉවත් කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. ඒ සොල් බීච් ප්‍රයිවට් ලිමිටඩ් සහ එහි අධ්‍යක්ෂවරුන් තුන් දෙනෙකු විසින්.

එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, නියෝජ්‍ය පොලිස්පති ජී.එච්. මාරපන, ගල්කිස්ස ප්‍රදේශයේ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන කියා සිටින්නේ අදාළ ස්ථානයේ ව්‍යාපාරික ආයතනයක් පවත්වාගෙන යාම සඳහා තමන්ට නීත්‍යානුකූල අවසරය ලැබී තිබු බවයි.

එසේ තිබියදී වගඋත්තරකරුවන් විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම ව්‍යාපාරික ස්ථානය කඩා ඉවත් කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව පෙත්සම්කරුවන් පවසනවා.

එබැවින් වග උත්තරකරුවන්ගෙන් තමන්ට වන්දි අයකර දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස රාජ්‍ය සේවා කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

එසේම කඩා ඉවත් කෙරුණු සිය ව්‍යාපාරික ස්ථානය පිහිටි ස්ථානයේම නැවත ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය අනුමැතිය ලබාදෙන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසටයි පෙත්සම මගින් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
6
+1
0
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33