දෙවන විස්සයි විස්ස තරගයේ වීරයා වූ ධනංජය ද සිල්වා තැබු සංවේදී සටහන – Photos

සංචාරක ඉන්දිය කණ්ඩායම සමඟ පැවැති දෙවන විස්සයි විස්ස තරගය කඩුල 4කින් ජයගැනීමට ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දිය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5ක් දැවි ලබාගත් ලකුණු සංඛ්‍යාව 132ක්.
එහිදී නායක ශිකර් ධවාන් ලකුණු 40 ක් රැස්කරගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී අකිල ධනංජය කඩුලු 2ක් දවාගත්තා. ලකුණු 133ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 04ක් තුළ කඩුලු 06ක් පමණක් දැවි සිය ජයග්‍රහණය වාර්තා කළා. එහිදී ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් ධනංජය ද සිල්වා නොදැවි ලකුණු 40 ක් සහ මිනෝද් භානුක ලකුණු 36ක් රැස්කරගත්තා. පන්දු යැවීමේදී කුල්දීප් යාදෙව් දවාගත් කඩුලු සංඛ්‍යාව 2ක්. තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත් ධනංජය ද සිල්වා එය තම අභාවප්‍රාප්ත පියා වෙනුවෙන් කැප කර තිබුණා.  ඒ ගැන පවසමින් ඔහු සිය සමාජ මාධ්‍ය වෙත සටහනක් තබා තිබුණේ මෙලෙසින්…. 

When I enjoy good days on the field you are always in my mind.Dad

222088305 367630491552089 7316052252529946979 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?