දෙවන ටෙස්ට් තරගයේ තීරණාත්මක තුන්වන දිනය අද

සත්කාරක දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය තුන්වන දිනටත් අදයි.

මෙම තරගයේ තීරණාත්මක දිනය අද දවස බව ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි පවසනවා.

තරගයේ දෙවන දිනය වූ ඊයේ දිනය අවසානයේ මාධ්‍ය හමුවට එක්වෙමින් කණ්ඩම්බි මේ බව සඳහන් කළා.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ අද දිනයේ දී තවත් ලකුණු 250ක් පමණ ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක් කිරීමට හැකියාව ලැබුනහොත්; අද දිනය අවසන්වන විට තරගයේ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායම අතට පත්කර ගත හැකි බවයි.

ගැබා හී ශාන්ත ජේම්ස් පාක් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ දෙවන දිනට ඊයේ (06) තරගය නතර කරන විට ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා කඩුලු 03ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 243ක්.

ඒ, අනුව ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකානු පළමු ඉනිමට වඩා තවත් ලකුණු 116 ක් පසුපසින් සිටින්නේ කඩුලු 07ක් අතැතිවයි.

දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී පළමු ඉනිම සඳහා ලකුණු 358ක් රැස් කළා.

නොදැවී කඩුල්ලේ රැදී සිටි කමිඳු මෙන්ඩිස් ලකුණු 30ක් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 40ක් රස්කරෙගන සිටියා.

මේ අතර ඇන්ජලෝ මැතිව්ස් ඊයේ සිය ටෙස්ට් ලකුණු 8,000 සීමාව පසුකර යෑමට සමත් වුණා.

ඒ, අනුව ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 8,000 සීමාව පසුකළ තුන්වන ක්‍රීඩකයා බවට පත් වූ අතර, කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන එම සීමාව පසුකළ අනෙක් ක්‍රීඩකයින් දෙදෙනායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08
Video thumbnail
ගෑස් මිල තවත් වැඩි කරයිද ?.."හරියට ගත්තොත් මීට වඩා වැඩිවීමක් වෙන්න ඕනි"
08:10