දෙවන අවසන් පූර්ව තරගයේ කාසිය වාසිය එංගලන්තයට

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයේ කාසිය වාසිය දිනාගැනීමට එංගලන්ත නායකයා සමත් වුණා.

ඒ, අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි.

ඉන්දියාව සහ එංගලන්ත අතර මෙම තරගය බටහිර ඉන්දීය කොදෙව් දේශයේ ගයානා හිදී පැවැත්වෙනවා.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය සදහා දකුණු අප්‍රිකානු කණ්ඩායම සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ, අනුව මෙම තරගය ජයගන්නා කණ්ඩායම ලබන සෙනසුරාදා දකුණු අප්‍රිකාව සමග අවසන් මහා තරගයේ දී තරග වැදීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !