දෙරට අතර පැවති T20 තරග ජයග්‍රහණ සමාන කරගන්නට කැන්ගරුවන්ට අද වරමක්

තරග 03කින් සමන්විත පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සහ තීරණාත්මක තරගයක් අද (16) සත්කාරක ඔස්ට්‍රෙලියාව සහ පාකිස්තානය අතර පැවැත්වෙනවා.

දෙරට අතර දෙවැනි T20 තරගය අද පස්වරු 1.30ට සිඩ්නි නුවරදීයි ආරම්භ වන්නේ.

නිමාවට පත් වූ පළමු T20 තරගය ඩක්වත් ලුවිස් න්‍යායයට අනුව සත්කාරක ඔස්ට්‍රෙලියාවට ජයග්‍රහණය හිමිවුණා.

දෙරට අතර පැවැත්වෙන ක්‍රිකට් සංචාරයේ මෙම තරගය ජය ගැනීම අද දිනයේ දී අතිශය තීරණාත්මක වනු ඇති.

අද තරගය ඔස්ට්‍රෙලියාව ජය ගතහොත් මව්බිමේ දී පාකිස්තානයට එරෙහිව T20 තරගාවලියක් ජය ගන්නා පස්වැනි අවස්ථාව මෙය වනු ඇති.

පාකිස්තානය සහ ඔස්ට්‍රෙලියාව අතර T20 තරග 26ක් පවත්වා ඇති අතර එහි වැඩි ම වාර ගණනක් තරග ජයගෙන ඇත්තේ පාකිස්තානයයි.

පාකිස්තානය තරග 13ක් සහ ඔස්ට්‍රෙලියාව තරග 12ක් ජයගෙන තිබෙනවා.

ඔස්ට්‍රෙලියාව අද තරගය ද ජයගතහොත් දෙරට අතර පැවති T20 තරගවල ජයග්‍රහණ ප්‍රමාණය ද සමාන කරගැනීමට ඔස්ට්‍රෙලියානුවන් හැකිවනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27