දෙමව්පියන්ව හමුවුණු සසන්ති ජයසේකර, මුහුණු පොතේ තැබු සංවේදී සටහන

සසන්ති ජයසේකර කියන්නෙ කාලයක් අපේ පුංචි තිරයෙන් අපට මුණගැහුනු දක්ෂ රංගන ශිල්පිනියක්. ඒත් පසු කාලෙක පෞද්ගලික ජීවිතයේ සිදුවූ ඇතැම් සිදුවීම් නිසාම ඇය විදෙස්ගත වුණා.

අනතුරුව විදෙස් ජාතිකයෙකු හා විවාහ දිවියට එළඹුණු ඇය අලුත්ම ජීවිතයක් පටන් ගත්තා.

පසුගිය දවසක ඇගේ සොහොයුරා නොහිතූ මොහොතක ජීවිතයෙන් සමුගත් අතර, ඇය එයින් මහත් කම්පනයට පත්වුණා.

මේ අතර, සසන්තිට පසුගිය දවසක ඇගේ දෙමව්පියන් සමඟ කාලය ගත කරන්නට අවස්ථාව ලැබී තිබුණා.

ඇය ඒ සතුට ගැන මෙන්න මේ විදිහේ සටහනක් සමාජ මාධ්‍යයට එකතු කරලා තිබුණා.

“අවුරුද්දකට වැඩි කාලයකට පස්සෙ මගේ දෙමව්පියන් දැකීම හොඳ හැඟීමක් වගේම දුක්බර හැඟීමකුත් ගෙන දුන්නා. අවසානයේ අපි අපේ හැඟීම් බෙදා හදා ගන්න එකට එකතු වුණා. ගුවන් තොටුපළේදී ඔවුන් පිළිගන්න වෙනදා මා එක්ක මගේ මල්ලිත් එකතු වෙනවා. එයා කවදාවත් එතැනට නෑවිත් හිටියේ නැහැ. පසුගිය දවස්වල අපි ඇඬුවා. එකිනෙකා සනසා ගත්තා. පොඩි එකාට (මල්ලිට) තියෙන අපේ ආදරේ අපිව ඉස්සරහාට ගෙනියනවා…”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
75
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?