දෙමව්පියන්ගෙන් සමාව ඉල්ලා තරුණයෙක් ගෙළ වැළලාගනී

වරකාගොඩ පීල්ලහේන ප්‍රදේශයේ නිවසක තිබී ගෙළ වැළලාගෙන මියගිය තරුණයෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 18 හැවිරිදි තරුණයෙක්.

මෙම තරුණයා දිවි නසා ගැනීමට පෙර ” අම්මේ තාත්තේ මට සමාවෙන්න, මට ප්‍රශ්න තියෙනවා මගේ ආදරේ නැති වුණා” යැයි පවසමින් කෙටි ලිපියක් ලියා, සෙල්ෆි ඡායාරූපයක් ද ලබාගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

මිය ගිය තරුණයා පමණක් නිවසේ සිට ඇති අතර මව, පියා සහ වැඩිමහල් සහෝදරයා රැකියා සඳහා නිවසින් පිටත්ව ගොස් තිබූ බව සඳහන්.

මියගිය තරුණයාගේ බාල සොයුරා එම අවස්ථාවේ පාසල වෙත ගොස් තිබී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මිය ගිය තරුණයාගේ මව පෙර පාසල් ගුරුවරියක් වන අතර පෙර පාසල නිම වී නිවසට පැමිණි අවස්ථාවේදී නිවසේ ඉදිරිපස කාමරයේ සිය පුතුගේ සිරුර එල්ලෙමින් තිබියදී දැක තිබූ බව පොලිසිය ප්‍රකාශ කළා.

තරුණයා විසින් ලියන ලද බව කියන ලිපිය නිවසේ සාලයේ තිබී ඇති අතර ඔහුගේ ජංගම දුරකථනය ඇඳ මත තිබී පොලිසිය සොයාගෙන තිබෙනවා.

තරුණයා මිය යාමට විනාඩි කිහිපයකට පෙර ලබාගත් ඡායාරූපයක් ද ජංගම දුරකථනයේ දුරකථනයේ සටහන්ව තිබී ඇතැයි සඳහන්.

මියගිය තරුණයා ලියන ලද ලිපියේ පහළට වන්නට දුරකථන අංක දෙකක් සටහන් කර එය කුරුටු ගා තිබී ඇතැයි
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

එම ලිපියේ සඳහන් අත්අකුරු මියගිය තරුණයාගේ බවට ඔහුගේ මව වන පෙර පාසල් ගුරුවරිය විසින් හඳුනා ගත් බව පොලිසිය ප්‍රකාශ කළා.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් සිදුකිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර හොරණ මූලික රෝහලට යොමු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26