දෙමව්පියන්ගෙන් සමාව ඉල්ලා තරුණයෙක් ගෙළ වැළලාගනී

වරකාගොඩ පීල්ලහේන ප්‍රදේශයේ නිවසක තිබී ගෙළ වැළලාගෙන මියගිය තරුණයෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 18 හැවිරිදි තරුණයෙක්.

මෙම තරුණයා දිවි නසා ගැනීමට පෙර ” අම්මේ තාත්තේ මට සමාවෙන්න, මට ප්‍රශ්න තියෙනවා මගේ ආදරේ නැති වුණා” යැයි පවසමින් කෙටි ලිපියක් ලියා, සෙල්ෆි ඡායාරූපයක් ද ලබාගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

මිය ගිය තරුණයා පමණක් නිවසේ සිට ඇති අතර මව, පියා සහ වැඩිමහල් සහෝදරයා රැකියා සඳහා නිවසින් පිටත්ව ගොස් තිබූ බව සඳහන්.

මියගිය තරුණයාගේ බාල සොයුරා එම අවස්ථාවේ පාසල වෙත ගොස් තිබී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මිය ගිය තරුණයාගේ මව පෙර පාසල් ගුරුවරියක් වන අතර පෙර පාසල නිම වී නිවසට පැමිණි අවස්ථාවේදී නිවසේ ඉදිරිපස කාමරයේ සිය පුතුගේ සිරුර එල්ලෙමින් තිබියදී දැක තිබූ බව පොලිසිය ප්‍රකාශ කළා.

තරුණයා විසින් ලියන ලද බව කියන ලිපිය නිවසේ සාලයේ තිබී ඇති අතර ඔහුගේ ජංගම දුරකථනය ඇඳ මත තිබී පොලිසිය සොයාගෙන තිබෙනවා.

තරුණයා මිය යාමට විනාඩි කිහිපයකට පෙර ලබාගත් ඡායාරූපයක් ද ජංගම දුරකථනයේ දුරකථනයේ සටහන්ව තිබී ඇතැයි සඳහන්.

මියගිය තරුණයා ලියන ලද ලිපියේ පහළට වන්නට දුරකථන අංක දෙකක් සටහන් කර එය කුරුටු ගා තිබී ඇතැයි
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

එම ලිපියේ සඳහන් අත්අකුරු මියගිය තරුණයාගේ බවට ඔහුගේ මව වන පෙර පාසල් ගුරුවරිය විසින් හඳුනා ගත් බව පොලිසිය ප්‍රකාශ කළා.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් සිදුකිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර හොරණ මූලික රෝහලට යොමු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?