දෙනෙ‍ත් අන්ධ වනඅලියා සැඩ පහර මැද අතරමං වූ හැටි (ඡායාරූප)

කලාවැව ජාතික උද්‍යානය තුළ පිහිටි කලාවැවේ ජල මට්ටම ඉතා ඉහළ මට්ටමක පවතිද්දී කලාවැව තරණය කිරීමට ගිය දෙනෙත් අන්ධ වනඅලියකු කලාවැව් දිය මත දී යා යුතු මග සොයාගත නොහැකි ව අතරමං ව සිටියදී බේරාගෙන; ගොඩට පන්නා දැමීමට ගල්කිරියාගම වනසත්ත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මේ වනවිට කලාවැවේ ජල මට්ටම අක්කර අඩි 86,000ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව මේ දිනවල කලාවැව වාන් දමමින් පවතින අතර එහි හදිසි වාන් දොරටු ද විවෘත කර තිබෙනවා.

මෙම දෙනෙත් අන්ධ වනඅලියා කලාවැව තරණය කිරීමට ගොස් ඇත්තේ මෙවන් තත්ත්වයක් එම ජලාශයේ පවතින පසුබිමකදීයි.

කලාවැව් දියේ අතරමංව සිටි එම වනඅලියා සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් කළ දැනුම්දීමක් අනුව එම වනඅලියාගේ දිවි බේරා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට ගල්කිරියාගම වනසත්ත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් යුහුසුළුව කටයුතු කරනු ලැබුවා.

ඔරු කිහිපයක් ආධාරයෙන් සිදුකළ එම මෙහෙයුම දැක බලා ගැනීමට ද කලාවැව අවට ප්‍රදේශවාසීන් පිරිසක් ද එක්රොක්ව සිටි බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

කලාවැව වැව් රක්ෂිතයේ සිට පැමිණ ඇති දෙනෙත් අන්ධ මෙම වනඅලියා කලාවැව තරණය කිරීමට යාමේ දී කලාවැව කවටයාවැව ප්‍රදේශයේ දී මෙලෙස ගැඹුරු වැව් දිය මත දී අතරමංව තිබෙනවා.

ධීවරයින්ගේ ද සහාය ඇතිව වනජීවී නිලධාරීන් අලියා නිරුපද්‍රිත ව ගොඩට පන්නා දැමීමට කටයුතු කළ අතර ඒ සඳහා පැය දෙකක පමණ කාලයක් ගත වූ බවයි වාර්තා වන්නේ.

වනජීවී නිලධාරීන් සිදු කළ එම මෙහෙයුම හේතුවෙන් දියේ ගිලීමෙන් මියයාමට ඉඩක් තිබූ එම අන්ධ වනඅලියාගේ ජීවිතය බේරාගන්නටයි හැකි ව ඇත්තේ.

මෙහෙයුමේ දී නිරුපද්‍රිතව ගොඩට ගත් එම දෙනෙත් අන්ධ වනඅලියා යළි කලාවැව රක්ෂියට ආරක්ෂිත ව පලවා හැරීමට වනජීවී නිලධාරීන් කටයුතු කළා.

WhatsApp Image 2023 11 21 at 17.06.18
WhatsApp Image 2023 11 21 at 17.06.19 1
WhatsApp Image 2023 11 21 at 17.06.19
WhatsApp Image 2023 11 21 at 17.06.20 1
WhatsApp Image 2023 11 21 at 17.06.20
WhatsApp Image 2023 11 21 at 17.06.21 1
WhatsApp Image 2023 11 21 at 17.06.21
WhatsApp Image 2023 11 21 at 17.06.22 1
WhatsApp Image 2023 11 21 at 17.06.22
WhatsApp Image 2023 11 21 at 17.06.23
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
4
+1
0
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29