දෙදෙනෙකුට මරු කැඳවූ හික්කඩුවේ වෙඩි තැබීමේ සිද්ධියේ රහස් රැසක් එළියට (වීඩියෝ)

අද (31) පෙරවරුවේ හික්කඩුව, තිරාණගම ප්‍රදේශයේ දී එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, කපුවා හන්දි සුසන්ත මෙන්ඩිස් සහ හෙන්ද හේවගේ ඉසුරු ප්‍රසන්න නැමති වයස අවුරුදු 47 සහ 26 යන වයස්වල පසු වූ දෙදෙනෙක් බවට අනාවරණය වී තිබෙනවා.

හික්කඩුව – කළුපේ ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම දෙදෙනා මීට මාස කිහිපයකට පෙර එම ප්‍රදේශයේදීම ‘කටා රොෂාන්’ නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා කපාකොට ඝාතනය කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිට දින කිහිපයකට පෙර ඇප ලබා පැමිණ සිටි බවටයි හෙළිව ඇත්තේ.

මොවුන් දෙදෙනා අද (31) පෙරවරුවේ අධිකරණ කටයුත්තක් සඳහා ගාල්ල අධිකරණයට යතුරුපැදියකින් යමින් සිටිය දී තවත් යතරුපදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පලාගොස් තිබුණා.

T – 56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, වෙඩි වැදීමෙන් තුවාල ලැබූ දෙදෙනා ගාල්ල – කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය බවයි පොලිසීය සඳහන් කළේ.

මෙය පාතාල ගැටුමක ප්‍රතිඵලයක් බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙම පාතාල කල්ලි දෙක අතර ඝාතන සිදුව ඇති බව හෙළිව තිබෙනවා.

https://youtu.be/3Iiao3A6mOo
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?